(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට පැමිණ දින 14 ක් යන තුරු නිවෙස්වලම රැඳී සිටින්නැයි විදේශ රටවල සිට ශ්‍රීලංකාවට පැමිණෙන්නන්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාව යන රටවල සිට පැමිණෙන්නන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙන අතර සෙසු රටවල සිට පැමිණෙන්නන් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව ද ජාසිංහ මහතා සඳහන් කළේය.
එම කාලයේදී විශේෂයෙන්ම උත්සව හා සංචාර ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙස විදෙස් රටවල සිට පැමිණි අයගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කීවේය.
ඉදිරි නිවාඩු කාලයේදී කණ්ඩායම් වශයෙන් විදෙස් සංචාරයන්හි යෙදීම හැකිතාක් අවම කරන්නැයි ද ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
කොවිඩ් 19 වයිරසය පැතිර යන ආකාරය අනුව ඉදිරියේදී ගත යුතු තවත් ආරක්ෂක පියවර වේ නම් ඒවාද ගැනීමට සූදානම් බව කී අනිල් ජාසිංහ මහතා එම වයිරසය මෙරටට ද පැමිණියහොත් නගර වසාදැමීම, ගමනා ගමන කටයුතු සීමා කිරීම වැනි පියවරයන් ගැනීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.
එවැනි තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටින බැවින් නිරෝධායන කටයුතු ආදිය ඇතුළු ගන්නා පියවර වෙනුවෙන් සහය දෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ජාසිංහ මහතා කීවේය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් හැම කෙනෙක්ම හැකිතාක් පිරිත් දෙසුම් ගෙදර දොරේ කියන්න ගෙවල් පිරිසිදු කර උදේ, සවස පිරිත් ඇසීමට සලස්වා ගන්න. භාවනා කරන්නන පුරුදු පුහුණු අය සියක් කෝටියක් සක්වලටම මෛත්‍රී වඩන්න. බුද්ධ ශක්තියේ බලයෙන් වෛරසයට ලංවීමට අපහසු වනු ඇත.
මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඉතාලිය, කොරියාව හෝ චීනයෙන් පිට වෙනත් රටක සිට එන ගුවන් යානයක එක මගියෙක්ට උණ තිබුනේ නම් ගුවන් යානයේ පැමිණි සියලුම මගීන් නිරෝධායතන මධ්‍යස්ථානයට ගෙන ගොස් සති තුනක් තබා ගන්නවද?
මේ රජය නිරෝධායන වගකීමෙන් පැනයන්න ගන්න උත්සහයක්. මේ දෙන උපදෙස් ජනතාව ක්‍රියාත්මක කරයිද? දොස්තර සංගමේ තව දුරටත් සැඟව සිටීම හෙළා දකිනවා.
එතකොට එන විදේශිකයන් හදන්න එන්නේ මේ ආණ්ඩුවද?
අපේ මිනිස්සු මේ උපදෙස් අනුගමනය කරාවිද?
ජේ ආර් කිව්වා තමාගේ ආරක්ෂාව තමන් සලසගන්න කියලා. ජේ ආර් කොච්චර දුර පෙනෙන කෙනෙක්ද?. රට පුරා කියන බන පිරිත් කිව්වා කියල වත් යාඥ කලා කියලවත් ලෙඩ හොඳ වෙන්නේ නැහැ. එහෙත් පිරිසිදු බව සහ අඩු තරමින් ලේන්සුවක්වත් පාවිච්චි කර කිවිසුම් පාලනය වැදගත්. නවීන කට්ටිය වුනත් අනිකා ගැන හිතන්නේ නැතුව පොදු ප්‍රවාහන සේවාවල් තුළදීත් නිකම් කිවිසුම් හැරීම හරිම අප්‍රසන්නයි. මුඛය ආවරණය කර කිවිසුම් හැරීම නීතියක් බවට පත් කල යුතුමයි.