(ඩයනා උදයංගනී)
දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමේ කටයුතු හෙට (10) සිට ආරම්භ වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
දකුණු කොරියාවේ සිට හෙට පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන මගින් පළමුව මඩකළපුවේ සහ කන්දකාඩුව පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන දෙක වෙත රැගෙන යෑමට නියමිතය.
එම මධ්‍යස්ථානවලට රැගෙන යන පුද්ගලයන් දින 14 ක් නේවාසිකව නිරෝධායනය කෙරේ.
විදෙස් රටවල්වල සිට පැමිණි පුද්ගලයන් 3900 ක් මේ වන විටත් ඔවුන්ගේ නිවෙස්වල සිටියදීම සෞඛ්‍ය අංශ විසින් අධීක්‍ෂණය කෙරෙන බව ද සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (09) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද චීනයෙන් එන අයට නිරෝධායනයක් නැත්තේ? රාජපක්ෂලා චීනයට බයයිද?