යළි සේවයේ පිහිටුවන්නැයි ඉල්ලා ශානිගෙන් පෙත්සමක්
රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා වශයෙන් සිටියදී ඉකුත් ජනාධිපතිවරණ සමයේදී තමන්ව වැඩ තහනමට ලක් කරමින් ජාතික පොලිස් කොමිසම නිකුත් කළ ලිපියෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සදහන් කරමින් තමාව යළිත් රහස් පොලිස් අධ්‍යක්ෂක ධූරයේ පිහිටුවන ලෙසත්, තමන්ට සිදුවූ හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.