IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමත් හමුදාවට

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගමකින් ඉවත් කර හමුදාවට භාර දෙන බව රජය පවසයි. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව අතර සාකච්ඡාවක් පැවැත්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඩිජිටල් රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජය පෞද්ගලික සමාගමකට විශාල මුදලක් ගෙවන බව මෙම සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

විගණන වාර්තාවකට අනුව, 2009 සිට 2017 දක්වා කාලය තුළ එම පෞද්ගලික සමාගමට රුපියල් මිලියන 7,467.65 ක් ගෙවා ඇති අතර ගිවිසුම කල් ඉකුත් වූ පසු 2016 මාර්තු සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ තවත් රුපියල් මිලියන 1,856.65 ක් ගෙවා තිබේ.

රජය පැවසුවේ භාණ්ඩාගාරයට පැමිණිය යුතු මුදල් අනවශ්‍ය ආකාරයෙන්  පෞද්ගලික සමාගමකට යන බවයි.

මෙම මුදල් නාකස්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය පෞද්ගලික සමාගමෙන් ඉවත් කර ලබන වසරේ සිට එය හමුදාවට භාර දීමට තීරණය කර තිබේ.



අදහස් (19)

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමත් හමුදාවට

Rata Perata Wednesday, 15 July 2020 06:25 AM

බයියන්ට තරු පේන දවස වැඩි ඈතක නොවේ. ඔහොම යන්....

:       106       497

BamunuarachchiFriday, 17 July 2020 01:06 PM

මොකද බය හිතුණාද? අපි නම් බය නැහැ... අපි බලාපොරොත්තු වුණේ මේ ක්‍රමයයි. දැන් ඉහළ නිලධාරියෙක් කීවොත් අද බලපත්‍ර මෙපමණ මුද්‍රණය වෙන්න ඕන කියලා ‘‘ඕටී‘‘ කතාවක් නැහැ.. ලොක්කාගේ මුහුණ බලන්නේ නැතිවම ‘‘යස් සර්‘‘ කියලා වැඩේ කෙරිලා තියෙයි. එච්චරයි අපිට ඕනේ.. බළලා මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලනවා නම්...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 15 July 2020 06:31 AM

අගනා තීරණයක්.. මෙයින් විශාල මුදල් සම්භාරයක් මහා භාණ්ඩාගාරයට ලැබෙනවා. එහෙත් කල්යත්ම මෙයට දේශපාලනය හෝ පෞද්ගලිකත්වය රිංගා ගතහොත් එය මහා ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒ ගැනත් සිතා බැලීම වැදගත්..

:       439       769

PereraWednesday, 15 July 2020 06:58 PM

මුදල් ඉතිරි වෙනවා කියන කතාව විශ්වාස කළ නොහැකියි. යුද්දෙ ඉවර කරලා යුද්ධයට ගිය වියදම නැති නිසා ඉතිරි කළ සල්ලි කෝ? මේවා ඔක්කොම මිනිසුන්ව රවට්ටන්න කියන කතා.

:       0       0

rama Wednesday, 15 July 2020 06:40 AM

ඉතුරු කරලා අපි අපේ රට හදමු.

:       138       331

ආනන්ද පිටබැද්දර Wednesday, 15 July 2020 07:04 AM

ඉතාම හොඳ කීරණයක්. මේ වගේම වාහන දුම් පරීක්ෂා කිරීමත් රජයට ගන්න පුළුවන් නම් කොච්චර හොඳද? තවත් අති විශාල ආදායමක් භාණ්ඩාගාරයට ගන්න හැකිවේවි... මගේ රටට දළදා හිමි සරණයි.

:       11       232

තරිඳු Wednesday, 15 July 2020 07:06 AM

නොහැකියාව, දූෂණය මිලිටරි කරණයෙන් වසා ගත නොහැකි බව දැන්වත් තේරුම් ගත යුතුයි. යුද ජයග්‍රහණයේ උද්දාමය උන්මාදයක් කරගෙන නිරුවත වසා ගැනීමට යෑමෙන් වෙන්නේ ප්‍රශ්න තාවකාලිකව යටපත් විමක් විතරයි.

:       856       901

sachith Wednesday, 15 July 2020 07:07 AM

ආරම්භයට හමුදාව හරහා කරන එක හොඳයි. ඊට පස්සේ රජයට සම්බන්ධ සමාගමක් විදිහට වෙනම වැඩටික පටන් ගත්තා නම් හරි...

:       0       139

සුදත් ශ්‍රී Wednesday, 15 July 2020 07:26 AM

මෙය පෞද්ගලික අංශයට දුන්නත් වැරදියි, හමුදාවට දුන්නත් වැරදියි. ඒකට තමයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තියෙන්නේ. අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරලා රජයේ මුද්‍රණාලයට ඒ වගකීම පැවරිය යුතුයි. ඊට ආරක්ෂාව දිය යුත්තේ පොලිසියයි. අද, හෙට ගැන හිතලා මේ යන විදිහ හොඳයි වගේ පෙනුණාට දිගු කාලීනව බලද්දී මේක බරපතලයි.

:       72       514

Tarzan Wednesday, 15 July 2020 07:54 AM

ජනාධිපතිකමයි, අගමැතිකමයි, මන්ත්‍රී තනතුරුයි හමුදාවට දෙමු. වැඩබැරි ටාසන්ලා මොකටද? වියදමත් නැහැ. හමුදාවට කොහොමත් පඩි දෙනවනේ...

:       86       232

chandana Wednesday, 15 July 2020 07:59 AM

ඔය මුදල්වලින් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය මෘදුකාංග සහ යන්ත්‍ර සපයලා, ඕක මුද්‍රණ දෙපාර්තමේන්තුවටම දෙන්න තිබුණානේ...

:       25       121

kap Wednesday, 15 July 2020 08:07 AM

රජයේ සියලුම කටයුතු හමුදාවට පවරනවා නම්, සියලුම රාජ්‍ය සේවකයන් හමුදාවට බඳවා ගත යුතුයි. ඊට පස්සෙ වර්ජන බෑ, ගර්ජන බෑ, උපවාස බෑ, උපහාස බෑ... හබෑයි මේක තවත් ඇවන්ගාඩ් කේස් එකක් වෙයිද කියන්නත් බෑ...

:       197       164

kamal Wednesday, 15 July 2020 08:11 AM

2009 සිට නම් ඉතින් මහින්දගේ ආණ්ඩුවත් මේ වංචාවට සම්බන්ධද?

:       11       166

sivam Wednesday, 15 July 2020 08:11 AM

කළමනාකරණයේ දුර්වලකම් හමුදා විනයෙන් විතරක් හදාගන්න බෑ. හැම ප්‍රශ්නයකටම විසඳුම හමුදාවට බාරදීම නම් මුලින්ම කළයුතු වන්නේ රටේ හමුදා පාලනයක් ඇතිකර පාලනය බාරදීමයි. මව්බිම වෙනුවෙන් හමුදාවේ සේවය අප අගය කරන නමුත් මෙවැනි පැලැස්තර විසඳුම් අගය නොකරමු.

:       33       59

rana Wednesday, 15 July 2020 08:18 AM

මේ මනුස්සයා කියපු කිසිම දෙයක් තවම කරලා හෝ වෙලා නැහැ.. මේකත් ඡන්දයට පෙර බොරුවේ තවත් දිගුවක් !!

:       257       306

Samare Wednesday, 15 July 2020 08:21 AM

මෙම තීරණය අප අගය කරමු.

:       55       176

rana Wednesday, 15 July 2020 08:23 AM

කොරොනා මර්ධනය කළාද?

:       268       66

rocky Wednesday, 15 July 2020 08:39 AM

මහානායක තනතුරු වලටත් හමුදාවෙන්ම පත්කළොත් නරකද? 

:       76       112

SL Wednesday, 15 July 2020 09:46 AM

ඉස්සර ලංගම හොඳට තිබුණා. පුද්ගලික බස්ආවට පස්සේ.. ලංගම රියැදුරන් පුද්ගලික බස්වලින් පගා අරගෙන මිනිස්සුන්ට නවත්තන්නේ නැතිව හිස්ව ගමනාන්තයට ගියා. පස්සෙන් ආපු පුද්ගලික බසය පිරිලා ඉතිරිලා ගියා. ලංගමට කෙල වුණා. ඔහොමයි අපේ රාජ්‍ය සේවය.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site