IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


බන්ධනාගාර බුද්ධි ලොක්කා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුවේ තුන් වැනි විත්තිකාර බන්ධනාගාර බුද්ධි අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික සම්පත් මහතා සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට  වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නියම කළේය.

විත්තිකාර ඉන්දික සම්පත් මහතාට එරෙහිව කිසිදු සාක්කියක් ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහුට එරෙහිව පියවර නොගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීමක් ඒකමතිව පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.

මෙම නඩුවේ සාක්කි විමසීම ආරම්භ කිරීමටත් මත්තෙන් රටින් පිටව ගොස් සිටීම හේතුවෙන් ඔහු නොමැතිව සාක්කි විභාග කළ අතර සාක්කි විභාගය අතරතුර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරු මඩුල්ල අදාළ නියෝගය නිකුත් කළේය.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලදී.

නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.

2012 නොවැම්බර් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිකඩ බන්ධනාගාරයේ දී එහි රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතනය කිරීම ඇතුළු අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 33 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්‍ෂෙත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.

නඩුවේ 3 වැනි විත්තිකාර විත්තිකාර ඉන්දික සම්පත් මහතා පමණක් අධිකරණයට ඉදිරිපත් නොවී සිටීම නිසා ඔහු නොමැතිව නඩුව විභාග කෙරේ.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය අමතමින් මෙම නඩුවේ 3 වැනි විත්තිකාර ඉන්දික සම්පත් මහතාට එරෙහිව මේ වනතුරු කිසිදු සාක්කියක් ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහුට එරෙහිව පියවර ගැනීමට අදහස් නැතැයිද ඔහු නිදහස් කිරීමට හැකියාව ඇතැයිද කීය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලෙන් ඉදිරිපත් කරන කරුණු අනුව තම සේවාදායකයා  නිදොස් කොට  නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.

සියලු කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල 3 වැනි විත්තිකාර ඉන්දික සම්පත් මහතා සියලුම චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ඒකමතිකව නියම කළේය.

 



අදහස් (20)

බන්ධනාගාර බුද්ධි ලොක්කා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස්

රංගේ Wednesday, 15 July 2020 10:19 AM

දැන් සැපයිද? එක රටක්, එක් නීතියක් කොහොමද?

:       1111       757

සිරිබිරිස් Wednesday, 15 July 2020 10:24 AM

දැන් ඉතිං අනිවාර්යයෙන් එහෙම වෙන්න එපැයි. සමහර අයට චෝදනාපත්‍ර දෙන්නත් බැහැ. උසාවියට ගෙන්නන්නත් බැහැ.

:       1571       1144

අතුලThursday, 16 July 2020 02:44 AM

ඔව්... බොරු නඩුවලට පටලවලා දක්ෂ නිලධාරින්ගෙන් පළි ගන්නත් බැහැ. කුඩු, පාතාල ඇතුළු දුසිරිත් මර්ධනය අඩපණ කරන්නත් බැහැ. ඔබතුමාට අවුල්ද?

:       122       272

karu Wednesday, 15 July 2020 10:48 AM

එහෙනම් හෙට, අනිද්දා රංගජීව කියන මිනීමරුවත් නිදහස් වේවි..!!! හැබැයි වෙන ආණ්ඩුවක් ආවොත් ආයෙත් කූඩුවට නොවෙයි ..එල්ලුම් ගස් යන්න බලාගෙන ඉන්න.

:       1511       1008

maheeWednesday, 15 July 2020 11:41 AM

රංගජීව කියන්නේ ඩ්‍රග්ස් ඒජන්ලාට ඇප නැතිවෙන්න දීපු ඒ හින්දම මරණය ආපු කෙනෙක්...

:       206       643

අතුලWednesday, 15 July 2020 12:09 PM

රංගජීව මහතා වැනි වීරයෙකුට.., අපහාස කරන ඔබ බොහෝවිට කුඩුකාරයකු විය හැකියි.

:       226       531

සමරතුංගWednesday, 15 July 2020 05:03 PM

ලංකාවේ කුඩු ප්‍රශ්නයේ ඇතුලාන්තය දන්නේ නැති පොඩි බබාලා කියන දේවල් දැක්කම හිනාත් යනවා.

:       612       150

suppaWednesday, 15 July 2020 12:24 PM

ආණ්ඩුවක් මාරුවුණු පළියට මිනිස්සුන්ව එල්ලන්න පුළුවන්ද? නඩු අහලා කරුණු හොයලා නෙමෙයිද එල්ලන්නේ...?

:       31       446

BamunuarachchiFriday, 17 July 2020 01:13 PM

එහෙම හිතන ලක්ෂ 55ක්ම මේ රටේ ඉන්නවා.

:       0       0

lankasri Wednesday, 15 July 2020 11:13 AM

බඩුත් හාමුදුරුවන්ගේද? නඩුත් හාමුදුරුවන්ගේද?

:       1155       1017

අතුලWednesday, 15 July 2020 02:00 PM

"වරදක් කරලා නැත්නම් නීතිය හමුවට යන්න බය වෙන්න ඕනෙ නෑ" කිව්වේ ඔබතුමාලා නේද පහුගිය කාලෙ? පහුගිය යමපාලන ආණ්ඩු කාලෙදි, වත්මන් ජනාධිපතිතුමා ඇතුළු අතිබහුතරයක් රණවිරුවන්ට පටලවපු බොරු නඩු, සාක්ෂි නැතිව වීසි වෙනකොට හිතට අමාරුයි වගේද? ඒ වැරදි නොකරපු අය තමයි අද මේ නිදොස් වෙලා නිදහස් වෙන්නේ.

:       290       684

BamunuarachchiFriday, 17 July 2020 01:12 PM

ඉතින් බඩුයි, නඩුයි යහපාලන අයිතිකාරයින් දාපු නඩු ඇසුවේ ඒගොල්ලෝ පත්කළ විනිසුරුවන් ... ඒ කාලේ දාපු නඩුවලටයි මේ තීන්දු ලැබුණේ. දැන් මොකක්ද ප්‍රශ්නය? ඔයාලා බලාපොරොත්තු වුණු තීන්දුව ලැබෙන්නේ නැතිනම් පවතින ආණ්ඩුව වැරැදිද? මෙහෙමත් මැට්ටෝ තව ලක්ෂ 55ක් ඉන්නවානේ..

:       0       333

දමයන්ති Wednesday, 15 July 2020 11:20 AM

මේක හරි පුදුම රටක්... මිනීමරුවන් වීරයින් කරගෙන වඳින, පුදන රටක්... කොච්චර අපූරුයිද කියනවා නම් තනතුරේ බලතල නිසා චෝදනා පත්‍රයක් බාර දීගන්න බැරිතරම් අපූරුයි..

:       1786       1368

අතුලThursday, 16 July 2020 02:37 AM

ගැමුණු මහ රජතුමාටත් අපහාස කරන්නේ මුල්සිඳුණු ඔබ ඇතුළු "අලුත් පරපුරේ" උන්දැලා තමයි.

:       14       225

siri Wednesday, 15 July 2020 11:20 AM

ඔන්න ඔහොමනේ නඩු අහන්න ඕනෑ මහත්තයෝ.. අවුරුදු 5ක්ම අද අද ගිය ඒවා දැන් මාස 9න් විසඳෙනවා. හරි සැපයි..

:       502       364

Anura Wednesday, 15 July 2020 12:29 PM

මට නන්දා මාලනීගේ සින්දුවක් මතක් වුණා..

:       1118       521

අතුලWednesday, 15 July 2020 01:54 PM

ඔබතුමාට පහුගිය යමපාලන ආණ්ඩු කාලේ ඔය සින්දු මතක් වුණේ නැද්ද?

:       136       575

නවරියන් Wednesday, 15 July 2020 03:53 PM

පොහොට්ටු ලොන්ඩරියේ අය හෝගාලා කමෙන්ට්වල වැඩ පටන් අරන් වගේ.. ඩිස්ලයික් එකකට කීය ගානේ ගෙවනවද දන්නේ නෑ...

:       400       1

අතුලThursday, 16 July 2020 10:16 AM

ඔබතුමන්ලා ගහන මඩ හෝදන්න ලොන්ඩරිකාරයෝත් ඉන්න එපායැ මහත්තයෝ... ගෙවන ගාණ අහන්නේ ඔබතුමන්ලා වගේ මුදලට කැමැති වෙන අය කියලා හිතාගෙන වෙන්න ඇති. අතින් වියදම් කරගෙන මේවා ලියන්නේ නොමග ගිය එක කෙනෙක් හරි දැනුවත් වේවිය කියලා හිතාගෙන. ඔබට නුවණ පහළ වේවා..!!!

:       0       179

අතුල Thursday, 16 July 2020 10:11 AM

මෙම අදහසට අදාළව, පොඩි බබාලා නොදන්න ඔබතුමා දන්නවා යැයි හිතාගෙන ඉන්න දේවල් කියන්න බලන්න... හිනාව නවත්තලා ලොකුමාමේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වැඩබලන අමාත්‍යවරු හතරක් පත් වෙති
2025 මැයි මස 04 87 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.


ජාත්‍යන්තර පාසල් ගුරුවරයා මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි
2025 මැයි මස 04 220 0

දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩං


මැයි රැලියට ඇවිත් හයිවේ එකේ රැඟූ අයට නීති පියවර
2025 මැයි මස 04 576 0

ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදු


ජපාන ආරක්ෂක ඇමති අගමැති හරිනි හමුවෙයි
2025 මැයි මස 04 186 0

ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අරලියගහ මන්දිරයේදී අද (4) හමුවිය.


වසර දහයට වැඩ වර්ජන 386ක්:රටට පාඩුව කෝටි 300ක්
2025 මැයි මස 04 253 0

රට පුරා කෙරුණු වැඩවර්ජන වලින් පසුගිය වසර දහයක කාලයේදී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්වව


යේමනයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිලයක්
2025 මැයි මස 04 245 0

යේමනයේ හවුති කැරළිකරුවන් එල්ල කළ බැලස්ටික් මිසයිලයක් ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළ අසළට එල්ල වීම හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 618 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 157 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1182 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site