ආදායම් නොමැති විහාරස්ථනවලට සතියකට රුපියල් 3000ක වියළි ආහාර
රට තුළ පවතින ඇඳිරි නීති තත්ත්වය නිසා, දානය ලබා ගැනිමේ ගැටළු පවතින ගාල්ල දිස්ත්රික්කයේ ආදායම් මාර්ග නොමැති ,භික්ෂුන් වහන්සේලා පස් නමක් හෝ වැඩ වාසය කරන විහාරස්ථාන වෙත, සතිපතා රුපියල් 3000ක් වටිනා වියළි සළාක ලබා දිමට අද(6) සිට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.