
(එම්.සුසිල් ප්‍රියන්ත)
මත්කුඩු ළග තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙකටම වරදකරුවකු වූ කාන්තාවකට වසර 21ක දීර්ඝ නඩු විභාගයකින් පසු ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරී එම්.අබේරත්න මහත්මිය අද (13) පස්වරුවේදී නියෝග කළාය.
ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කෙරුණේ අහුන්ගල්ල වැලිකන්ද පදිංචි ඉන්දුවාදුර අනූෂා ද සිල්වා නමැති කාන්තාවකටය.
2000 අගෝස්තු 23 හෝ ඊට ආසන්න දිනයකදී සැකකාරිය මත්කුඩු ග්‍රෑම් 3යි මිලි ග්‍රෑම් 210ක් ළඟ තබා ගෙන සිටියදී ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ එවකට සිටි වැඩ බලන ස්ථානාධිපති පොලිස් සැරයන් (19884) හා වත්මන් කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් මහතා ඇතුලු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
එසේ අත්අඩංගුවට ගත් සැකකාරියට එරෙහිව කොස්ගොඩ පොලීසිය විසින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා මත් කුඩු ජාවරමේ යෙදීම යන චෝදනා දෙක ගොනු කර බලපිටිය අධිකරණයේ නඩුවක් ගොනු කරන ලදි.
වසර 21ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකාරිය මේ චෝදනා දෙකටම වැරදිකරු කරමින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබාදෙන ලෙසට බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරී එම්. අබේරත්න මහත්මිය නියෝග කළාය.
කොස්ගොඩ පොලීසිය විසින් මේ නඩුව බලපිටිය අධිකරනයට ගොනු කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන් හිනා වෙන්නද මන්දා...?
ග්‍රෑම් 3ක් බිස්නස් කරලා කෝටි ගාණක් හොයාගන්න ඇති..., නියම හපන්කම... අපේ පොලිසියත් එක්ක සෙල්ලම් බැහැ.
මේක නම් පුදුම නීතියක්නේ.. මේ රට අතහැරලා යන්න.
කුඩා ප්‍රමාණයක්නේ සිර දඬුවම් වැඩියි. ලොකු මුදලාලිලා නිදහස්... එ්කයි රටේ හැටි...
වසර 21ක දීර්ඝ නඩු විභාගයකින් පසු. අම්මෝ....!!!
මේ ක්‍රමය තමයි වෙනස් කරන්න ඕනෑ. වසර 21ක් පුරාවට මෙයා තව කොච්චර නම් කුඩු විකුණලා කී දෙනෙක්ව විනාශ කරලා ඇද්ද? ඒ කාලය පුරාවටම අහුවෙලත් නැතිව ඇති. අහුවුණානම් මේ තීන්දුව එනකොටත් එයා ඇතුලේ ඉන්න එපෑයැ. කෝටි කීයක් හොයලා ඇද්ද? ඒ සල්ලි වලින් ඇපෑලක් දාලා නිදහස් වෙයි. ජීවිතාන්ත සිරදඬුවමවත් මරණ දඬුවමවත් නෙවෙයි පිළියම. අඩුම ගානේ වරදක් කරලා අවුරුද්දක්වත් යනකොට නඩුව ඉවර කරලා අනිවාර්ය සිර දඬුවමකට හෝ අත්හිටවූ සිරදඬුවමකට හෝ යටත් කරවිය හැකි ක්‍රමයක් සෑදිය යුතුමයි. නැතිව මත්ද්‍රව්‍ය ඇතුලු සියලුම ආකාරයේ අපරාධ රැල්ල පාලනය කළ නොහැකි වේවි...!
මේ නඩුව වාර කීයක් අධිකරණයේ අසන්න ඇත්ද? එමගින් නීතී මහත්තුරු කොපමණ උපයන්න ඇත්ද? නඩු විසඳන්න කල් යන්නේ ඔවුන්ගේ වැඩ පිළිවෙල නිසාද? කරුණාකරලා දන්න කෙනෙක් පැහැදිලි කරන්න.
අපිට හරි සතුටුයි...
ග්රෑම්වලට අවුරුදු 21ක් නඩු කියලා ජීවිතාන්තය දක්වා හිරේ.. කිලෝ ගණන් ගේන ගජ මිතුරන්ට දවස් දෙකෙන් ඇප. ඉන්නම හිතෙන රටක්...