IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගේ යුටියුබ් නාලිකාව අත්හිටුවයි

ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ යූටියුබ් නාලිකාව අත්හිටුවීමට ඇල්ෆබට් සමාගම පියවර ගෙන ඇත.

ජනාධිපති ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාවෙන් ප්‍රචණ්ඩත්වය ඇති කරනු ඇතැයි යන අවදානම සලකා බලමින් ඇල්ෆබට් සමාගම මෙම පියවර ගෙන තිබේ.

යූටියුබ් වීඩියෝ බෙදාහැරෙන සමාජ මාධ්‍ය අයත් ගූගල් සමාගමේ මවු සමාගම වන්නේ ඇල්ෆබට් සමාගම යි.    

ජනාධිපති සහාය දක්වන කණ්ඩායම් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසු ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ඒවායේ තිබෙන ජනාධිපති ට්‍රම්ප්ගේ ගිණුම් අවහිර කිරීමට පියවර ගත්තේ ය.

යූටියුබ් වීඩියෝ බෙදාහරින සමාජ ජාලය ගත් නව පියවරවලට අනුව ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාවෙන් වීඩියෝ සජිවීව විකාශය සහ නව විඩියෝ ඊට ඇතුළත් කිරීම දින 7කට අත්හිටුවා ඇත. ඊට අමතරව ට්‍රම්ප්ගේ යුටියුබ් නාලිකාවේ තිබෙන වීඩියෝවලට අදහස් ප්‍රකාශ කිරීම අත්හිටුවා ඇත.

කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් අඟහරුවාදා (12) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එය ඔහුගේ යුටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරුණි. ඊට පසු යුටියුබ් සමාගම මෙම පියවර ගත්තේ ය.

(රොයිටර්)
055



අදහස් (0)

ට්‍රම්ප්ගේ යුටියුබ් නාලිකාව අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site