කෝවිඩ් 19 - අරමුදලට අදත් රුපියල් මිලියන 97ක පරිත්‍යාග කෝවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අද (08) රුපියල් මිලියන 97 ක පරිත්‍යාග සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 08 April 2020
බොරු තොරතුරු දුන් සණස බැංකු සේවකයකුට ඇප පොල්ගහවෙල මහ රෝහලේ කොරෝනා රෝගියෙකු සිටින බවට සදහන් කරමින් මුහුණු පොත ඔස්සේ අසත්‍යයක් ප්‍රචාරය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්රභාකරන් මහතා අද (08) නියෝග කළේය. 08 April 2020
මුහුණු පොතෙන් නිරෝධායනයට බැන වැදුණු පුද්ගලයකු රිමාන්ඩ් ’’මුස්ලිම් මිනිසුන් දෙවියොත් එක්ක සෙට්වෙලා කොරෝනාවලට බෙහෙතක් හොයන්න උත්සාහ ගනිද්දි පොලීසිය ගොන් වැඩකර ඔවුන් අත්අඩංගුවට ගන්නවා’’ යැයි සදහන් කරමින් මුහුණු පොත ඔස්සේ නිරෝධායන කි‍්‍රයාවලියට දෝෂාරෝපණය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්රභාකරන් මහතා අද (08) නියෝග කළේය. 08 April 2020
කොරෝනාවෙන් 7 වැනි මරණයත් වාර්තා වෙයි කොරෝනා වයිරසය ආසාදනය වී මෙරට තුළ මියගිය හත් වැනි මරණයත් අද (7) වාර්තා වන බව සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 08 April 2020
ආසාදිතයින්ට ළගට නොයා ප්‍රතිකාර කළ හැකි යන්ත්‍රයක් නාවික හමුදාව නිපදවයි කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රතිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් ස්වයංක්‍රීය උපකරණයක් නාවික හමුදාව විසින් නිපදවා එය අද (8) නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත බාර දුන් බව නාවික හමුදාව පවසයි. 08 April 2020
කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න රොබෝ යන්ත්‍රයක් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර දුරස්ථව ලබා දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරින් හට සහයෝගය දැක්වීමට හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම විසින් ස්වයංක්‍රිය නියමු රොබෝ යන්ත්‍රයක් ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට පරිත්‍යාග කරනු ලැබ තිබේ. 08 April 2020
සමාජ සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන්න එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ චාරිත්‍ර සහ සමාජ සබඳතා පවුලේ සාමාජිකයන් ඇසුරෙහි පමණක් පවත්වාගෙන යන ලෙස රජය මහජනයාට අවධාරණය කරයි. 08 April 2020
වූහාන් නගරයට පනවා තිබූ සංචාරක සීමා ඉවත් කරයි ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයට පනවා තිබූ සංචාරක සීමා ඉවත් කිරීමට එරට බලධාරීහු අද (8) පියවර ගත්හ. 08 April 2020
දිස්ත්‍රික්ක 6 ක ඇදිරි නීතිය දිගටම කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම්, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් දැනුම් දෙන තුරු දිගටම පැවැත්වීමට තීරණය කර තිබේ. 08 April 2020
දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් හෙට විවෘත කෙරේ දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් හෙට (09) විවෘත කිරීමට අවසරය ලැබී ඇතැයි සමස්ත ලංකා ඖෂධ හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා අද (08) පැවසීය. 08 April 2020
පොලිස් සැරයන්වරයෙක් පැදවූ මෝටර් රථයේ රා බෝතල් 15 ක් බණ්ඩාරගම වල්ගම සුසාන භූමිය අසල දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී අද (08) පොලිසියෙන් මිදී පැන ගිය බව කියන මත්තේගොඩ පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි. 08 April 2020
රටවල් 5 ක කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ දත්තවලට අනුව අද (8) පස්වරු 4 වනවිට රටවල් පහක කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබිණි. 08 April 2020
ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳාම ප්‍රා.ලේකම් කාර්යාල හරහා දිවයිනේ වසා ඇති සියලූ ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල , සමූපකාර දෙපාර්තමේන්තු ඇතුලූ රාජ්‍ය ආයතන මගින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ. 08 April 2020
කොරෝනා ප්‍රතිකාරයක් යැයි සිතා ඇල්කොහොල් පානය කළ ඉරානයේ 600 ක් මරුට කොරෝනා වයිරසය ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස වැරදි වැටහීමකින් අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වී තිබේ. 08 April 2020
ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන ආධාර කපාහරී ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකාවේ මුදල් නොදෙන බවත් මෙතෙක් කරන ලද මූල්‍ය පරිත්‍යාග කපාහරින බවටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අනතුරු අඟවයි. 08 April 2020
පැය 12 කින් දිවයිනේ ඕනෑම තැනකට එළවළු රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් වෙත දඹුල්ලේ සිට එළවළු ගෙනවිත් බාර දීමට හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද(08 ) දින පැවසීය. 08 April 2020
බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී 08 April 2020
අද - හෙට මුහුද රළු වෙයි පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අද (8) සහ හෙට (9) දිනවලදී විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 April 2020
ඇමෙරිකාවේ දිනකදී සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි කොරෝනා වෛරසය ආසාදනයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබේ. 08 April 2020
උකස් පහසුකම් දෙන්න යයි මධ්‍යම පන්තිකයෝ ඉල්ලති අඩු ආදායම් ලාභී පවුල් වලට සහන සලසන්නා සේම මධ්‍යම පාන්තිකයන්ටත් තමන්ගේ රත්තරන් ආභරණ හෝ උගසට තබා දරුවන්ට කෑමට යමක් මිලදී ගැනීමට හැකිවන පරිදි බැංකු සහ උගස් මධ්‍යස්ථාන විවෘත කර දෙන්න‘යි කොළඹ සහ ඇඳිරිනීතිය මෙතෙක් ඉවත් නොකළ ප්‍රදේශ වල මධ්‍යම පන්තික ජනතාව පවසති. 08 April 2020
සනත් ජයසූරියගෙන් ප්‍රජා සත්කාර රැසක් ‘කොරෝනා’ වයිරසයෙන් අවදානම් තත්ත්වයට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පහසුකම්සැළසීමට ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා කටයුතු කරමින් සිටියි. 08 April 2020
කොරෝනා යැයි සැක ගැබිනි මව්වරුන්ට මාතලේ රෝහලේ වෙනම ඒකකයක් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැක කරන ගැබිනි මව්වරුන් සඳහා මාතලේ මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපනය කළ බව මාතලේ මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා අද (08) පැවසීය. 08 April 2020
ණය ගැනීම ඉහළ දැමීමේ යෝජනාවක් වහාම පාර්ලිමේන්තුවට ගේන්න වසංගත තත්ත්වයෙන් පැන නැගී ඇති හදිසි සහ අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගෙන ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 08 April 2020
ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 08 April 2020
බෙන්තර ගඟේ නාවික හමුදා මුර සංචාරක සේවයක් බස්නාහිර හා දකුණු පලාත් වෙන් කෙරෙන බෙන්තර ගඟේ නාවික හමුදා මුර සංචාරක සේවයක් ආරම්භ කර තිබේ. 08 April 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රජයේ වාහන රාජකාරිවලට ඉල්ලති මේ වන විට අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක නොවන රාජ්‍ය ආයතනවලට අයත් වාහන තම රාජකාරි සඳහා සීමිත කාලයකට ලබා දෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. 08 April 2020
බළලුන් නිවසේම තබා ගන්නැයි බ්‍රිතාන්‍යයේ පශු වෛද්‍යවරු උපදෙස් දෙති බළලුන් ඇතුළු සුරතල් සතුන් තම නිවෙස්වලම තබා ගන්න යැයි බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරු පිරිසක් විසින් උපදෙස් නිකුත් කර තිබේ. 08 April 2020
ගොවියෝ දඹුලු ආර්ථිකයට ගෙන ආ එළවළු මහ මග අලෙවි කරති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමඟ එළවළු රැගෙන ආ ගොවීන් දඹුල්ල අවට ප්‍රධාන මාර්ගවල සහ විවිධ ස්ථානවල තබාගෙන තම එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක අද (8) පෙරවරුවේ සිට නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි විය. 08 April 2020
ඇදිරිනීති බලපත්‍ර ක්‍රමවේදය 30 න් අවසන් නව ඇදිරීනීතිය බලපත්‍ර කි‍්‍රයාත්මක කිරීමේ ක්‍රමවේදය අප්‍රෙල් මස 30 දිනෙන් අවසන් කිරීමට නියමිත බව පොලිස් මුලස්ථානය කියයි. 08 April 2020
මොනරාගල 1776 දෙනෙක් ස්වයං නිරෝධායනයට විදේශගතව සිට හා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට රැකියා කරමින් සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පදිංචිකරුවන් 1776 දෙනෙකු නිවෙස් වලටවී නිරෝධායනය වන බව මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය. 08 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026