අතරමැදියන්ගෙන් තොරව යටවත්තේ ගොවීහු අස්වැන්න විකුණති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් තම අස්වනු විකුණා ගැනීමට නොහැකි ගොවි ජනතාවට සහනයක් සලසමින් යටවත්ත ප්‍රාදේශිය සභාව සහ ලේකම් කාර්යාලය එක්ව අතරමැදියන්ගෙන් තොරව අස්වනු විකිණිම සඳහා පහසුකම් සැලසිම අද (09) දිනයේදි සිදු කෙරුණි. 09 April 2020
රුවල් යාත්‍රාවක සිටි විදේශීය යුවළකට නාවික හමුදාවේ සහය දකුණු මුහුදු තීරය ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ විදේශීය රුවල් යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව ගාල්ල වරාය ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබිය දී එහි සිටි විදෙස් යුවළට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිහිට වී ඇත. 09 April 2020
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ප්‍රශ්න කතා කරන්න සාකච්ඡාවක් ඉල්ලයි පෞද්ගලික අංශයේ සේවකයින් මුහුණ දී සිටින ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන මෙන් අන්තර් සමාගම් සේවක සංගමය කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 09 April 2020
ජා ඇල සුදුවැල්ලෙන් වැටලූ 28 ක් නිරෝධායනයට ඕලුවිල් යවයි ජාඇල සුදුවැල්ලෙන් සොයාගනු ලැබූ 28 හැවිරිදි කෙරෝනා ආසාදිතයා ඇසුරු කළ බව කියන පුද්ගලයන් 28 දෙනෙකු අද (09) ජා ඇල , සුදුවැල්ල සහ නිල්සිරිගම ප්‍රදේශවලින් සොයාගෙන ඇත. 09 April 2020
නුවරඑළිය වසන්ත උත්සවය අගෝස්තුවේ කොරෝනා වෛරසය රට තුල පැතිරීයාමේ අවධානම මත නවතා දමන ලද නුවරඑළිය වසන්ත උත්සවය ලබන අගෝස්තු මාසයේදි හෝ ඉන් පසුව කුඩා උත්සවයක් ලෙස පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි නුවරඑළිය මහා නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා අද (09) පැවැසීය. 09 April 2020
හිටපු මන්ත්‍රී කාදර් මස්තාන්ට ස්වයං නිරෝධනය වෙන්නැයි කියයි කොවිඩ් 19 වයිරසය ආසාදනය වූවකු මන්නාරම ,තාරාපුරම් ගම්මානයේ අවමඟුලකට සහභාගීවීම හේතුවෙන් එම අවමංගල්‍ය උත්සවයට සහභාගීවූ වන්නි දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා ද දින කිහිපයක් ස්වයං නිරෝධායනය වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදී තිබේ. 09 April 2020
’අත්‍යවශ්‍ය සේවා සේවකයින්ට ප්‍රධානියා සහතික කළ ලිපියක් අවශ්‍යයි’ අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන්ට ඇදිරි නිතී බලපත්‍රය ලෙස සිය රාජකාරි හැදුනුම්පතට අමතරව සේවා ස්ථානයේ ප්‍රධානියා විසින් සහතික කරන ලද ලිපියක් ද අවශ්‍ය බව අවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 April 2020
අක්කරපත්තුව වසා දමයි අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් වාර්තා විමත් සමගම අක්කරපත්තුව නගරයට පැමිණෙන සියලුම මාර්ග බාධක දමා අවහිර කිරිමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. 09 April 2020
අල්කාසිම් නිවාසවල සිටි ආසාදිතයා ඇසුරු කළ 50 ක් සොයා මෙහෙයුමක් පුත්තලම රත්මල්යාය අල්කාසිම් සිටි නිවාස යෝජනා ක්රමයේ කොරෝනා ආසාදිතයා සමග මන්නාරම අවමංගල්‍යකට සහභාගිවි සැගවි සිටින 50 දෙනෙකු සොයා ආරක්ෂක අංශ සමග සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ . 09 April 2020
මෙරට නිපදවු ගිනිඅවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත ගිණිඅවියක් අනවසරයෙන් ළඟ තබාගත් පුද්ගලයකු මල්ලාවි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 09 April 2020
විදෙස් රටවල සිරවී සිටින 33 දෙනෙක් ගෙන්වා ගැනීමට අවසර විදේශයන්හි ගුවන් තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 ක් දිවයිනට ගෙන්වා ගැනීමට රජය පියවර ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 09 April 2020
සමෘද්ධි නිලධාරීනියට මැර ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයකු අත්අඩංගුවට කොරෝනා ආධාර සමෘද්ධි බඩු මල්ල තමාට ලබා නුදුන්නේයයි කියමින් හික්කඩුව පින්කන්ද හදඋඩමූල්ල සමෘද්ධි නිලධාරිනියගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල කළ අයෙකු අද (9) පිංකන්ද ප්‍රදේශයේම සැගව සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි. 09 April 2020
කොරෝනා ආසාදිතයකුදැයි හඳුනාගැනීමට මෘදුකාංගයක් නිපදවයි පුද්ගලයින්ගේ කැස්ස සහ හඩ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි පුරෝකථනය කළ හැකි මෘදුකාංගයක්(ඇප්) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ලොව ප්රමුඛ විශ්වවිද්‍යාල දෙකක් විසින් අරඹා ඇත. 09 April 2020
මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි කොරෝනා වයිරසය ආසාදනය වූවකු සංචාරය කිරීම හේතුවෙන් මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාරාපුරම් ගම්මානය නැවත දැනුම්දෙනතුරු එහි පදිංචිකරුවන්ට එම ගම්මානයෙන් පිටතටයාම ඊයේ (08) සිට තහනම් කර ඇතැයි මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 09 April 2020
ගත වූ පැය 24 දී ඇඳිරිනිතිය උල්ලංඝනය කළ 1724 ක් අත්අඩංගුවට බ්‍රහස්පතින්දා (09) උදෑසන 6.00 අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1724 අත්අඩංගුවට ගෙන වාහන 496 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 09 April 2020
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට තවත් 67 දෙනෙක් ඇතුළත් කෙරේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් ඇසුරු කිරීම හේතුවෙන් කොරෝනා වයිරසයට ගොදුරු වී ඇතැයි සැකපිට රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 67 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (09) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව යුද හමුදාව කියයි. 09 April 2020
රත්නපුරට - පැල්මඩුල්ලට ඇඳිරිය දිගටම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳීරි නිතිය අද (09) වැනිදා ඉවත් නොකෙරෙන බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය. 09 April 2020
රථ වාහන දඩ මුදල් තැපැල් මගින් ගෙවන්න සහන කාලයක් රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල මගින් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට සහ අතිරේක දඩ මුදල් ඉවත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. 08 April 2020
අස්ගිරි - මල්වතු උපසම්පදා විනය කර්ම දින නියමයක් නැතිව කල් දමයි (චමිල් රූපසිංහ) කොවිඩ්-19 වයිරසය රටපුරා ව්‍යාප්ත වීම වලක්වා ගැනීම පිණිස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අවස්ථාවක උපසම්පදා විනයකර්ම මෙවන් අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත. 08 April 2020
පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 1000ක් විනාශ කරයි ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී අලෙවි කරමින් තිබූ පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ දහසක් විනාශ කර එම තොග අලෙවි මධ්‍යස්ථානයකට එරෙහිව නඩු පැවරීමට (08) දා පියවර ගත් බව ,මහරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 08 April 2020
බූස්ස බන්ධනාගාරයේ දෙදෙනෙකු කොරෝනාදැයි පරීක්ෂාවට කරාපිටිය රෝහලට බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකුට හදිසියේ ඇතිවු උණ තත්වයක් නිසා ඔවුනට කොරෝනා වයිරසය ආසාදනය වි ඇතිදැයි පරික්ෂා කිරිම සඳහා එම දෙදෙනා අද(08)රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කල බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසිය. 08 April 2020
කොරෝනා අනතුර හමුවේ වගකීම පැහැරහරින මුග්ධයෝ කොරෝනා මාරාන්තික වයිරසය සම්බන්ධයෙන් තබා තිබූ ඇතැම් පුරෝකථන එකින් එක බිඳ වැටෙමින් තිබේ. අප පුවත්පතට ප්‍රකාශයක් කළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා තිබුණේ ‘‘කොරෝනා වයිරසය ව්‍යාප්තවීම මැඩ පැවැත්වීම සඳහා ගෙන ඇති තීන්දු තීරණ තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බවය. එමෙන්ම රටේ සැබෑ තත්ත්වය එළැඹෙන 17 වැනිදායින් පසුව දැනුම් දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය. 08 April 2020
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් යෝජනාවක් සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයකම නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයට යෝජනා කර ඇත. 08 April 2020
මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතාට-මවටත් කොරෝනා රත්නපුර මුද්දුව ප්‍රදේශයෙන් හමුවූ කොවිඞ් 19 වයිරසය ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි පුතුට සහ 62 වියේ පසුවන එම ව්‍යාපාරිකයාගේ මවටත් කොරෝනා වැළඳී ඇතිබවට පීසීආර් යන්ත්‍ර මගින් කළ රෝගීන්ගේ සෙම පටල පරීක්ෂණ මගින් තහවුරුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 08 April 2020
ලන්ඩන් නුවර රෝහලකින් මුණ ආවරණ සොරාගත් අයෙක් සිර ගෙට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකින් මුඛ ආවරණ තුනක් සොරකම් කළ පුද්ගලයකුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇත. 08 April 2020
කෝවිඩ් පරීක්ෂණ ධාරිතාව 25,000කින් වැඩිකිරීමට පාකිස්තානය සැරසෙයි අප්‍රේල් මාසය වනවිට දිනකට කළ හැකි ‘කොවිඩ්-19’ පරීක්ෂණ ධාරිතාව සිවු ගුණයකින් 25,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි පාකිස්තාන රජය ප්‍රකාශ කරයි. 08 April 2020
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 189 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 08 April 2020
ඉන්දියාවේ පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දහස ඉක්මවීමත් සමඟ පොදු ස්ථානවල මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට මුම්බායි නගර බලධාරීහු පියවර ගෙන ඇත. 08 April 2020
අත්‍යාවශ්‍ය සේවා බෝඩ් ගසා මෝටර් රථයෙන් මත්පෙති ඇදලා අත්‍යාවශ්‍ය සේවා දැන් පුවරුවක් සවිකරගෙන ඇදිරි නීතිය අස්සේ ජංගම දුරකතනය ඔස්සේ මත් පෙති හා ගංජා මෝටර් රථයකින් ගෙන්ගෙට ගොස් බෙදාහරින අයෙකු අද (8 ) අහුන්ගල්ල බැබිලමල් පොකුන ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි . 08 April 2020
ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් එංගලන්තයේ සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් යුතු බ්‍රිතාන්‍ය වෛද්‍යවරයකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි බී.බී.සී පුවත් සේවය අද (08) වාර්තා කළේය . 08 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026