
(තිලකරත්න දිසානායක)
ගම්පහ - මිරිස්වත්ත මාර්ගයේ මූල්‍ය ආයතනයකට ආයුධ සන්නද්ධව පුද්ගලයින් දෙදෙනෙකු කඩා වැදී රුපියල් කෝටි 4 ක පමණ රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (15) සවස යතුරු පැදියකින් පැමිණ ඇති සැකකරුවන් තැන්පත් කරුවන් ලෙසින් මූල්‍ය ආයතනයට ඇතුලු වී කාර්ය මණ්ඩලයට ගිනි අවියක් පෙන්වා මුදල් කොල්ලකා ඇති බවත් මොවුන් අත අත් බෝම්බයක් සහ ගිනි අවියක් තිබූ බවට එම මූල්‍ය ආයතනය මගින් පැමිණිලි කොට ඇති බවත් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතා පැවසීය.
කොල්ලකරුවන් මූල්‍ය ආයතනයෙන් මුදල් රුපියල් ලක්ෂ 9 ක් සහ රුපියල් 03 කෝටි 90 ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිලි කොට ඇති බවද සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේය.
සිද්ධියට අදාල කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා සහ මිනුවන්ගොඩ හා ගණේමුල්ල පොලිස් ස්ථානාධිපති වරුන්ගේ මෙහෙයවීම මත පොලිස් කණ්ඩායම් 03ක්ද, බුද්ධි අංශ 02ක්ද යොදවා ඇත.
2025 නොවැම්බර් මස 04
514
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුදල් - රන් භාණ්ඩ මංකොල්ලය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 05ක්
සිරිබිරි Saturday, 16 January 2021 02:54 PM
අපි හිතුවේ "ස" ආවාම කොල්ලකෑම්, පගා, දූෂණ වගේ දේවල් නැති වෙලාම යයි කියලා...