
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
ඇහැලියගොඩ ග්‍රාමසේවා වසම් 05ක් හුදෙකලා තත්වයෙන් අද (16) සිට ඉවත් කර තිබේ.
කොරෝනා වයිරසය පැතිරීම නිසා හුදෙකලා තත්වයට පත් කර තිබූ ඇහැලියගොඩ පොලිස් වසමේ මන්නාන, බෝපැත්ත, විලේගොඩ, අස්ගගුල, යකුදාගොඩ යන ග්‍රාම සේවා වසම් මෙලෙස හුදෙකලා තත්වයන් ඉවත් කර ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේද ඇහැලියගොඩ කොට්ඨාශයෙනි. ඒ 523 දෙනෙකු ලෙසයි.
ඊයේ (15) දිනය තුළදි එම කොට්ඨාසයෙන් කෝව්ඩ් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා විය. පසුගිය සතිවලට සාපේක්ෂව ආසාදිතයින් හමුවීම අඩුවී ඇතැයි රත්නපුර මහජන සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd