
(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව එගොඩඋයන ප්රදේශයේදී මාර්ගය මැද ඉදිකර ඇති සිමෙන්ති බැමි තීරුවේ සවිකර ඇති යකඩ වැටට ඉහළින් පැන පාර මාරුවීමට ගිය පුද්ගලයෙකු ශාන්ත ආනා පාර ඉදිරිපිටදී මෝටර් රියක සහ ලොරියක අද(13) ගැටී පානදුර මූලික රෝහලට රැගෙන යමින් සිටින අතරතුර දී මියගොස් ඇති බව අඟුලාන පොලිසිය පැවසීය.
මිය ගිය තැනැත්තා කවුරුන්ද යන බව මේ වනවිටත් තහවුරු කරගෙන නොමැති බව සඳහන් කරන පොලිසිය මොහු වයස අවුරුදු 55 ක් පමණ වන පුද්ගලයෙකු බවද පැවසීය.
යකඩ වැටට ඉහළින් පැන පාර මාරුවීමට පැමිණි අවස්ථාවේදී කාරයේ ගැටී අනිත් පසින් ධාවනය වෙමින් තිබූ ලොරියේ ද ගැටී ඇතැයි පොලිසිය පැවසීය.රිය අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය සහ ලොරි රථය පැදවූ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය තැනැත්තාගේ මෘත දේහය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් මෝටර් රථයේ සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනා හෙට(14) මොරටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර වෙලාවට වැටෙන් පැනලා මේ මිනිස්සු පාර එයාලාගේ වගේ යන්නේ... වාහන නවත්තන්න ඕනේ එයාලා යනකම්...
කවුද මේ කහ ඉර අන්දපු කෙනා? එක්කෝ වැට ගලවන්න ඕනේ... නැත්නම් කහ ඉර මකන්න ඕනේ. ලංකාවනේ..