(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත මෙම පියවර ගත් බවත්, සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අයදුම්කරුවන්ට මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ හා විද්‍යුත් තැපෑල මඟින් අයදුම් කර පැය 48ක් ඇතුළත එම සහතික පත්‍ර නිවසට ම ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන්, 0112784323 දුරකථන අංකය ඔස්සේ සහතික පත්‍ර ශාඛාව ඇමතීමෙන් හෝ ක්ෂණික දුරකථන අංක 1911 ඇමතීමෙන් ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ජනතාව අවදානමට ලක් කරමින් පවත්වන මැතිවරණය සියලුදෙනා එක්ව වර්ජනය කළයුතුයි.