(ඩයනා උදයංගනී)
විදුලි පාරිභෝගිකයින්ගෙන් මාර්තු, අප්‍රෙල්, මැයි මාස සඳහා ද පෙබරවාරි මාසයේ විදුලි බිලෙහි ඇති ගාස්තුව හා සමාන ගාස්තුවක් අයකරගැනීමට අද (15) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව ලැබුණු මාර්තු, අප්‍රෙල්, මැයි මාසයන්හි ලැබුණු විදුලිබිල වෙනුවට පෙබරවාරි මාසයේදී තමන්ට ලැබුණු විදුලි බිලේ මුදලම ගෙවිය හැකි බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම මුදල ගෙවීමට මාස 02 ක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා කීවේය.
ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද අපි බලාපොරොත්තු වෙච්ච සහනය...?
ඇමතිතුමාට හා මේ සාධාරණ තීරණය ගත් අමාත්‍ය මණ්ඩලයට ජනතාව වෙනුවෙන් හා විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අපගේ ස්තුතිය... මින් ඉදිරියට හෝ විදුලි බල මණ්ඩලයට මෙවැනි හිතුවක්කාර විදිහට බිල් සකසන්න ඉඩ නොදෙන්න. ඔවුන් එසේ කිරීමෙන්, පවතින රජයට, ඇමතිවරුන්ට ජනතාවගේ අප්‍රසාදය ලැබෙනු ඇත. මේ විදුලිබල මණ්ඩලයට සූර්යයාව අයිති කොට දුන්නොත්, හිරු එළියටත් දවස පුරා හොඳ ලොකු බිලක් හදාවි. විදුලි බල මණ්ඩලයේ කටයුතු එසේය. වෙලාවට තමයි සූර්යයා ඔවුන්ට අයිතිකර ගැනීමට බැරිව තිබෙන්නේ.. තිබුණා නම් එහෙම වැඩේ නියමෙටම දෙයි.
පෙබරවාරි මාසෙ බිල වැඩි අය මාර්තු, අප්‍රේල්, මැයි වලට වැඩි බිල් ගෙවන්න ඕනෑද?
ඡන්දෙ ළඟ හින්දා මේ සහනය...
මම නම් මේ වනවිට ජුනි මාසයට අදාල බිලත් ගෙවලයි තියෙන්නේ. මෙම කියන ක්‍රමයට බිල් ගෙව්වාම විදුලි මීටරයේ ඒකක ගණන අනුව අයකරන්නේ කෙසේද? මගේ බිල්පතේ නම් මැයි මාසය සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 480ක් කරල තිබුණා මෙය මගේ සාමාන්‍යය ගණන මෙන් 16 ගුණයක වැඩිවීමක්.. පසුගිය වසරේ ජුනි මාසයේ ඒකක ගණනට අයකළා වගේ දෙගුණයක් මේ වසරේ ජුනි මාසයේ අයකරලා තිබුණා. තවත් තැනක මට වඩා ඒකක ගණනක් වැඩි නිවසකට මට වඩා අඩු මුදලක් සටහන්කර තිබුනා මේ ගැන විදුලිබල ඉංජිනේරු කාර්යාලයෙන් විමසීමේදී මගේ ගණන නිවැරදියි කියපු ලිපිකාරිණිය අනුන්ගේ බිල් ගැන කථානොකර බිල ගෙවන්න කිව්වා.
මාස තුනේ ඉතිරි එකට ජුනිවලට එකතු කරලා තරු පේන බිලක් ලැබේවි.