IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලොව පුරා මිලියන ගණනක් නැවත අගුළුදැමීමට යටත් වෙති

දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ ලොවපුරා මිලියන ගණනකට නැවත වරක් දැඩි සීමාවලට යටත් වීමට සිදුව ඇත.

ලොවපුරා කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (15) පස්වරු වනවිට මිලියන 13.2 ඉක්මවා ගොස් තිබෙන අතර ලොවපුරා කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 576,000 පසු කර තිබේ.

කෙසේ නමුත් මේ වනවිට එන්නතක් සම්බන්ධයෙන් නව බලාපොරොත්තුවක් ද ඇති වී තිබේ.  කොරෝනා වයිරසය සඳහා සංවර්ධනය කෙරෙමින් තිබෙන නව එන්නතක් ඉතා ඉක්මනින් මනුෂ්‍යයන් යොදාගනිමින් අත්හදා බලන බව ඇමෙරිකානු සමාගමක් පවසා ඇත. එහි අවසන් අදියරේ පරීක්ෂණ ඉතා ඉක්මනින් පටන් ගන්නා බව ද එම සමාගම පවසා ඇත.

රටවල් බොහෝමයකින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ. ඇතැම් රටවල වයිරසයේ දෙවැනි රැල්ලක් ද ඇති වී තිබේ. මේ තත්ත්වය හේතුවෙන් රටවල් රැසක් නැවත වරක් අගුලුදැමීමේ සීමා පනවා ඇත.

ආසියා ශාන්තිකර කලාපයේ ඇතැම් රටවල් වයිරසය පාලනය කිරීමට සමත්වුවද එම රටවලින් ද නැවත වරක් වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බැවින් නව කොරෝනා වයිරසය තවමත් මාරාන්තික තර්ජනයක් යැයි ඉන් සනාථ වී තිබේ.
හොංකොං පාලන ප්‍රදේශය මේ වනවිට බීමහල්, අවන්හල්, ආපනශාලා, කායවර්ධන මධ්‍යස්ථාන, රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා කපන ස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇත. එමෙන්ම මහජන එක්රැස්වීම් සිවුදෙනකුට සීමා කිරීමට ද නගර පරිපාලනය තීරණය කර ඇත. හොංකොං පරිපාලන ප්‍රදේශය මාස ගණනක් කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කිරීමට සමත්ව තිබිණි.

කොරෝනා වයිරසය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ව්‍යාප්ත වීමට පටන් ගත් මුල් අවස්ථාවේ සිට හොංකොං නුවර බොහෝදෙනා ස්වේඡාවෙන්ම මුඛ ආවරණ පැළැඳූහ. කෙසේ නමුත් හොංකොං ආණ්ඩුව මේ වනවිට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව පොදු ප්‍රවාහනයේදී මුඛ ආවරණ පැළැඳීමට අසමත්/අපොහොසත් වන ඕනෑම අයකු ඇමෙරිකානු ඩොලර් 650ක දඩයකට යටත් වේ.

ජපානය තුළ ද මේ වනවිට නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබෙන අතර ටෝකියෝ අගනුවර කොරෝනා අවදානම ඉහළ දමන බව ටෝකියෝ ආණ්ඩුකාරවර අනතුරු ඇඟවීය.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ද මේ වනවිට අගුලු දමා ඇත. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මිලියන 125කට ආසන්න පිරිසක් ජීවත් වෙති. බ්‍රහස්පතින්දා, එනම් හෙට (15) සිට දින 15ක කාලයක් සඳහා ප්‍රාන්තයට අඟුළු දමන බව එම ප්‍රාන්ත බලධාරීහු නිවේදනය කළේය. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය වන බැංගලෝරයද මේ වනවිට සතියක කාලයක් සඳහා වසා දමා ඇත.

නැවත වරක් සමාජ දුරස්ථභාවයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීහු ද අද (15) පියවර ගත්හ. මේ අතර පසුගිය සතියේ සිට මෙල්බර්න් නුවර මිලියන පහකට ආසන්න පිරිසක් ලොක්ඩවුන් සීමාවලට යටත්ව සිටිති.

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නොතකමින් ඔස්ට්‍රේලියාවේ කණ්ඩායමක් නිවසක උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඔවුන්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 26,000 (ඇමෙරිකානු ඩොලර් 18,200)ක දඩයක් ද නියම කෙරුණි.

ඒ.එෆ්.පී.

055



අදහස් (0)

ලොව පුරා මිලියන ගණනක් නැවත අගුළුදැමීමට යටත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14164 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 313 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site