ටයිල් චමින්දගේ ගිණුමේ කෝටි 37 ක්
නාකොටික් නිලධාරීන් සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කළ ටයිල් චමින්ද නැමැත්තා ගේ බැංකු ගිණුමේ රුපියල් 373,725,304 (තිස් හත් කෝටි තිස් හත් ලක්ශ විසි පන් දහස් තුන්සිය හතරක්) බැර වී තිබි ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (22) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.