
(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනා පාතාල රැඳවියන්ගෙන් මරණීය තර්ජන එල්ල වී ඇති උසස් නිලධාරීන් සඳහා පූර්ණ ආරක්ෂාව ලබා දී ඇතැයි බන්ධානාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පැවසීය.
බන්ධනාගාර කොමසාරිස්වරුන් වන චන්දන ඒකනායක, තුසිත උඩුවර, බුද්ධි අංශ ප්‍රධානී ප්‍රසාද් ප්‍රේමතිලක හා බූස්ස බන්ධනාගාර අධිකාරී එස්. ධම්මික යන මහත්වරුන්ට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇතැයි උපුල්දෙනිය මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාල කල්ලි නායකයන් රජයේ නිලධාරින්ට මරණ තර්ජන එල්ල කරන්න තරම් බලවත් වුණේ කාගේ පිහිට ලැබෙන නිසාද කියලා හරියට විමර්ෂණයක් කරන්න. මේ කාලකණ්ණි තත්වය වහාම නිවැරැදි කළ යුතුයි. එසේ නොවුණොත් මේ රට මිහිපිට අපාය බවට පත්වෙන්න වැඩිකලක් යන එකක් නැහැ. මොවුන් පිටුපස සිටින බලවතුන් හෙළිකර වහාම ඔවුන්ටත් නීතිය ක්‍රියාත්මක කරවන්න.
විශේෂ දීමනාවක් ඉල්ලුවේ නැද්ද.? තව ටික දවසකින් ඒකත් ඉල්ලයි.