
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
හෙරොයින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදිවලට අදාළව පුද්ගලයන් 8දෙනෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (22) නියෝග කළේය.
බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 8දෙනෙකුට මෙලෙස දඩ නියම විය. එහිදී පෙර වැරදි සමග හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම හේතුවෙන් එක් අයෙකුට රැපියල් 20,000 බැගින් දෙදෙනෙකුට 40,000 ක දඩ මුදලක්ද නියම විය.තවත් හය දෙනෙකුට එක් අයෙකුට රැපියල් 10,000 බැගින් රුපියල් 60,000 ක දඩ මුදලක්ද නියම විය.
පින්නවල පොලිස් බල ප්‍රදේශය තුළ කළ මෙහෙයුමකදි හෙරොයින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ මෙම පුද්ගලයන් පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂයක් කියන්නේ කුඩුකාරයෝ, විනාඩියකින් හොයාගන්න මුදලක්නේ. අයියෝ මෙහෙමත් අධිකරණයක්..!!!
මත්ද්‍රවය ළඟ තබාගෙන අහු වුනොත් මරණ දණ්ඩනය නියම කරන එක නැවතුනේ කොයි කාලේද එතකොට.?