
(ජයන්ත සමරකෝන්)
මීගමුව බන්ධනාගාරයේ පිටුපස තාප්පයට ඉහළින් දින 3 ක් තුළ ජංගම දුරකතන 15 ක් හා මත්කුඩු තොගයක් සහිත පාර්සල් කිහිපයක් බන්ධනාගාරය තුළට විසිකර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
බන්ධනාගාරය පිටුපස ඇති මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින් විසින් දවසේ සෑම වේලාවකම මෙවැනි තහනම් භාණ්ඩ එල්ලය බලා බන්ධනාගාර තාප්පයෙන් ඇතුළට දමන බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මේ පිළිබඳව මීගමුව බන්ධනාගාරයට පැමිණිළි කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට කියවන්නේ නැතුව කැමරා දාලා අල්ලන්න පුළුවන්නේ.
කළුතර බන්ධනාගාරයේ ඇල්ලුවා වගේ බුද්ධි අංශ ඉතාමත් රහසිගතව යොදවා කාලයක් යන තෙක් මොවුන් පසුපස තබා තොරතුරු ගෙන අල්ලා ගැනීම කළ යුතු දෙයක්... එසේ නැතිව මෙය දිගටම ගෙන යෑමට ඉඩ දුනහොත් රට ඉවරයි...
ඉතින් ඊටපස්සේ තාප්පෙ පැත්තෙන් ආරක්ෂයන් රඳවන්නකෝ...