
ලොව පුරා කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද (22) දිනයේ මිලියන 15 සීමාව පසු කලේය. ඒ අනුව මේ වනවිට ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,107,950කි.
ජූලි 13 වන දින වනවිට ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 13ක්ව තිබූ අතර මිලියන 15 ඉක්මවා යෑමට ගතවූයේ දින 8කි.විදෙස් සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්ෂිකව ලොව පුරා වාර්තා වන ඉන්ෆ්ලුවෙන්සා ආසාදිතයන් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි බවයි.
ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එය මේ වනවිට මිලියන 4 ඉක්මවා තිබේ.
දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. ඉන්පසු පිළිවෙලින් ඉන්දියාව, රුසියාව සහ දකුණු අප්‍රිකාව වැඩිම රෝගීන් සංඛ්‍යාවන් වාර්තා කර තිබේ.
කොරෝනා රෝගය හේතුවෙන් ලොවපුරා මරණ 619,817ක් සිදුවී ඇත.
රොයිටර් පුවත් සේවය පවසන්නේ ඔවුන් කළ ගනනය කිරීම් අනුව ලෝකයේ ආසාදිතයන් වාර්තා වීමේ වේගය මන්දගාමී වීමක් දක්නට නොලැබෙන බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd