
(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින සියලු විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට අද (22) ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ලක්‍ෂ හයක් පමණ වන විශ්‍රාමිකයින්ට මෙම ප්‍රතිලාභය හිමිවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මෙතෙක් අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභය හිමිවූයේ 2016 ජනවාරි 01 වැනිදායින් පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට පමණක් වන අතර ඒ අනුව එම ප්‍රතිලාභය හිමිවූයේ සමස්ත විශ්‍රාමිකයින්ගෙන් සියයට 10ක් තරම් සුළු පිරිසකට පමණි.
ඉන් පෙර විශ්‍රාම ගිය ලක්‍ෂ හයකට පමණ මෙම රක්‍ෂණයට දායකවීමේ අවස්ථාවක් ලැබී නොතිබූ අතර ඔවුන්ටද එය ලබාදීමට මෙලෙස අනුමැතිය හිමිවූ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය තවත් පුළුල් කරමින් සියලු විශ්‍රාමිකයින්ට වඩා උසස් ජීවන මට්ටමක් ලබාදීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
රජයේ සේවකයන්ට හා සියලු විශ්‍රාමිකයන්ට ඉහළ ගුණාත්මයෙන් යුත් විශේෂ සෞඛ්‍ය සේවා ක්‍රමයක් සැකසීම සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි රජයේ ප්‍රමුඛ රෝහල්වල ඔවුන් සඳහා වන විශේෂ වාට්ටු ස්ථාපනය කිරීම, එවැනි වාට්ටුවලට ඇතුළු වන විට අග්‍රහාර රක්‍ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම ආදි යෝජනා කෙරෙහි ද රජයේ අවදානය යොමු වී තිබේ.
රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් ද අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කර ඇති අතර බොහෝ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප රුපියල් 20,000ට අඩු අගයක් ගන්නා බවද මෙහිදී හෙළි වී ඇත.
එබැවින් විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙස ජාතික වැටුප් කොමිසමට දැනුම්දීමට ද අමාත්‍ය මන්ඩලය තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයෙන් විශ්‍රාමික අයට පමණක්, ඇයි පෞද්ගලික අංශයේ සහ විදේශ රැකියා කර විශ්‍රාම ගිය අයට මෙම පහසුකම් ලබා නොදෙන්නේ මන්ද?
මේ ප්‍රතිලාභය විශ්‍රාමික රජයේ සංස්ථා සේවකයින්ටත් තියෙනවාද?
2/3 ගන්න රජය ලෝභ නැතුව අත දිගෑරලා වියදම් කරන්න වගේ පෙනෙන්නේ.
තවත් ඡන්ද ගුණ්ඩුවක්... නැව ගිලෙන්න ළඟයි. දැන් හොඳටම බයවෙලාද කොහේද? කොහේ තියෙන මුදල්ද? අච්චු ගහන්නද කොහෙද හදන්නේ...?
මම නිදහස් වෙළඳ කලාපේ සේවකයෙක්, ඔය ප්‍රතිලාභය අපි වගේ පෞද්ගලික සේවකයින්ටත් දෙන්න තමයි 2014දී මහින්ද මහත්තයා උත්සාහ කළේ... සුපුරුදු විදියට රටේ හැම හොඳ වැඩකටම අකුල් හෙලන ජවිපෙ කාරයින් මහා උද්ඝෝෂණයක් සංවිධානය කරා කටුනායකදී, අන්තිමට JVP පදේට නටන්න ගිහින් අපේ සේවකයෙක් වෙඩි කාලා... වැඩේ නතර වුණා.