
(විනීතා එම් ගමගේ)
පක්ෂ ප්‍රවර්ධන කටයුතු සඳහා වංචා සහගත ලෙස තැපැල් මුද්දර යොදා ගැනීමේ සිද්ධියට අදාලව අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණු හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර් පිරිස් මහතා විසින් වංචා සහගත ලෙස යවන ලද ලිපි සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇතැයි විශ්වාස කරන බව තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන විමර්ශන අංශය කියයි.
එම සිද්ධිය හෙලිවී සැකකරු අත් අඩංගුවට ගත් ඉකුත් 17 වැනිදා ලිපි 7564 ක් අත් අඩංගුවට ගත් බවත් එතැන් සිට, ගත වූ දින කිහිපයේම ඔහු විසින් මුද්දර ගසා තැපැල් කළ ලිපි 6000 කට ආසන්න ප්‍රමාණයක් තැපැල් කාර්යාලවලින් සොයා ගත හැකි වූ බවත් එම අංශය කියයි.
මේ වනවිට තැපෑලේ විමර්ශන අංශය විසින් සිද්ධිය සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර තැපැල් සේවකයෝ දෙදෙනෙකුගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කරමින් සිටින බව ද එම අංශය කියයි.
මුද්දර වෙනුවට මුද්‍රා තැබීම සඳහා යොදාගන්නා මුද්‍රා යන්ත්‍රයෙන් මුද්‍රා තැබූ ලිපි යැවිය හැක්කේ එම යන්ත්‍රය සඳහා මුදල් ගෙවූ කාර්යාලයෙන් වන නමුත් මොහු එම ලිපි යවා ඇත්තේ වෙනත් තැපැල් කාර්යාලවලින් බවත් එසේ කිරීම සඳහා තැපැල් සේවකයින් ගේ සහය ලැබී ඇතැයි සැක කරන බවත් තැපැල් පාලක විමර්ශන අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
1999 දී නිමල් ආර් පීරිස් මහතා මෙම මුද්‍රා යන්ත්‍රය ලබාගෙන ඇති අතර එතැන් සිට මුද්දර සඳහා 2018 වනතෙක් වසර 20 ක් පමණ තෙක් කාලය සඳහා රුපියල් 74000 ක් මුද්දර වෙනුවෙන් ගෙවා ඇති බවත් 2018 සිට මේ දක්වා රුපියල් ලක්ෂ ගණනක් මුද්දර ගාස්තු වංචා කොට ඇතැයි පෙනෙන බවත් හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ආයෙමත් ඡන්දය දීලා යවන්නකෝ පාර්ලිමේන්තුවට.. මෙයත් සියලු සුදුසුකම් සපුරලානේ ඉන්නේ.. තැපැල් සංස්ථාව විනාශ වන එක අහන්නත් දෙයක්ද? ඉතුරු රාජ්‍ය ආයතනවලිනුත් මේ ගොල්ලෝ මංකොල්ල කෑවේ ඔහොම තමයිනේ.. එක අතකට මෙයා ලක්ෂ ගාණක් ගහද්දී ලොකු ලොකු උදවිය බිලියන වලින්නේ සුද්දන් දුන්නේ. එව්වා අල්ලන්න අමාරු ඇති.