IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි⁣ගෙන් රිට් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 

රැඳවියකුගේ පරිහරණය සඳහා ශීතකරණයක් දුන්නැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු  නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරී පී. ඩබ්ලිව්. ඩබ්ලිව්.යූ.පී. ඒ. සම්පායෝ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ  රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
 
 එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඩ්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය, නීතිපතිවරයා සහ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කරනු ලැබ සිටිති.
 
 මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එච් .ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
 
මෙහිදී පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව කිසියම් හදිසි තත්වයක් උද්ගත වුවහොත් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දී මෝසමක් මාර්ගයෙන් පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ඉල්ලීමට අපේක්ෂා කරන බවය.
 
එම ඉල්ලීමට ඉඩ දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් මෝසමක් මාර්ගයෙන් නීතිපතිවරයාට ද දැනුම් දී පෙත්සම සලකා බැලීම සඳහා දිනයක් ලබා ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට දැනුම් දුන්නේය.
 
 පෙත්සම්කාර බන්ධනාගාර අධිකාරිවරයා සිය පෙත්සමින් කියා සිටින්නේ මිගමුව බන්ධනාගාරය තුළ රිමාන්ඩ් භාරයට පත්කර තිබූ රැඳවියෙකුට ශීතකරණයක් ලබාදීමේ සිද්ධියක් මුල් කරගෙන තමන්ව ඉකුත් මැයි මස 27 වන දා කළුතර බන්ධනාගාරයටත් ඉන් අනතුරුව කොළඹ බන්ධනාගාරය වෙතත් මාරු කිරීමට පියවර ගැනුණු බවය.

අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තමාව අත්අඩංගුවට සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙන බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර ඇත.

 බන්ධනාගාර ආඥා පනතේ 196 වන වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකුට අවශ්‍යතාවයක් මතු වූ විට ඉලෙක්ට්‍රොනික උපකරණ සපයා දීමේ නීතිමය හැකියාවක් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කාර බන්ධනාගාර අධිකාරිවරයා ඒ අනුව ශීතකරණයක් සැකකරුවෙකුට ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය දරන වෑයම නිතියට පටහැනි බවද පෙත්සම්කරු කියා සිටී.
 
 ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ම අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය රිට් පෙත්සම මගින් අභියාචනාධිකරණය ඉල්ලා සිටී.
 
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 



අදහස් (1)

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි⁣ගෙන් රිට් පෙත්සමක්

sharm warn Wednesday, 22 July 2020 08:05 AM

අනේ දෙයියනේ... පුදුම අහිංසක තාලෙකට නේ නිවැරදි භාවය පෙන්වන්න හදන්නේ.?

:       0       100

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16828 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site