
(රංජිත් රාජපක්ෂ)
ගෙවත්තේ වළ දමා තිබූ, අලුත උපන් බිලිඳෙකුගේ සිරුරක් හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා සහ හැටන් දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරි කේෂාන් මධුසංඛ මහතා ඉදිරියේදි හැටන් පොලිසිය විසින් අද(22) පස්වරුවේ ගොඩගන්නා ලදී.
බිලිඳු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා හැටන් පොලිසියට නියෝග කළේය.
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය තේ වත්තේ පදිංචි සැකකාර දෙදරු මව ඇයගේ සැමියාගෙන් වෙන් වී සිටින්නීය. ඇය ඉකුත් 7 දින බිලිඳා ප්‍රසූත කර ඇති අතර පසුව ගෙවත්තේ වළ දමා ඇත.
එම වතුයායේ වතු කම්කරුවන් මේ පිළිබඳව 119 හදිසි පොලිස් ඇමතුම් අංශය වෙත කරන ලද දැනුම්දීමක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකාර මව අත්අඩංගුවට ගෙන මවගෙන් ලද තොරතුරු මත බිලිදු මළසිරුර වළ දමා තිබු ස්ථානය හඳුනාගෙන ඇත.
සැකකාර කාන්තාවට වයස අවු 20 පිරිමි දරුවෙකු සහ අවු 16 ගැහැණු ළමයෙකුද සිටින බවද, දරු ප්‍රසුතිය සිදු වන අවස්ථාවේ එම දරුවන් දෙදෙනා නිවසේ නොසිටි බවටද තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ... මේ පුංචි කිරිකැටියා ව පණ පිටින් වළලන්න මේ වතු කම්කරු අම්මාට පුංචි හෝ දුකක් සිතේ තිබුනේම නැද්ද..? නීත්‍යානුකූල පියෙකු නොමැති දරුවෙකු ලැබීමෙන් විඳින්නට වෙන නින්දා අපහාස හා සමාජ සම්මතයට ඇති බිය නිසා මෙය කරන්නට ඇති.. ඒත්, ඒකට මේ හය හතර නොතේරෙන කිරිකැටියා කුමක් කරන්නද ... ? මෙලොව එළිය දකින විටම, අලුත් ලොවක් වෙත පැමිණියා යයි ඉවෙන් මෙන් දැනෙනා විටම පස් දූවිලි වලින් පුංචි සිරුර වැසී යන්නට ඇති.
ලංකාවේ බිලිඳු දරුවෝ මග දාල යන එක එහෙම නැත්නම් ඝාතනය කරන එක අලුත් දෙයක් නෙවෙයි. මේ දරුවෝ හැමෝටම වගේ, පියා මවත් එක්ක එකට වාසය කරන්නේ නෑ. නැත්නම් මව විවාහ වෙලා නෑ. එක්කෝ මව බලහත්කරකමකට ලක් වෙලා. මේ පුවත් කියවන මට කවද හරි එහෙම දෙයක් වුනොත් මට මොනාද කරන්න පුළුවන්? මාධ්‍යවේදී මහත්ම මහත්මීනි. පුවතට පස්සේ පසු සටහනක් විදිහට, "ඔබට මේ දේ සිදු වුනොත් නීත්‍යනුකුලව කල හැකි දේ" කියල කොටසක් එකතු කරන්න. මේ වගේ දරුවන් භාරගන්න ආයතන තිබේ නම් ඒවා ගැන, සම්බන්ධ කරගත හැකි අංක, ඒ වගේම මවගේ රහස්‍යභාවය ගැන තොරතුරු ඇතුලත් කරන්න. ඔබට පුළුවන් එකම පසු සටහන් ආකෘතියක් හදාගෙන මේ ආකාරයේ පුවත් ඔක්කොටම ඒ එකම ආකෘතිය දාන්න.