
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
හිටපු රාජ්‍ය අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් පිරිසකගේ පහර කෑමකට ලක්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මතුගම පොලිසිය කියයි .
මතුගම වෑකන්දල ප්‍රදේශයේ පානීය ජල නළ පද්ධතියට බට එලන අයුරු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සමඟ බහින් බස් වීමක් ඇති වීමෙන් අනතුරුව ඇති වූ පහර දීමකින් හිටපු අමාත්‍ය වරයා අසළ ඇති කාණුවකට ඇද වැටී ඇති බව පොලිසිය කියයි .
හිටපු අමාත්‍ය වරයාගේ වම් පාදයට බරපතළ තුවාල සිදු වී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මීට පෙර අවස්ථාවක අමාත්‍ය වරයා එම ස්ථානයට ගොස් එම සේවකයන් සහ නිලධාරීන් සමග බහින් බස් වීමක් සිදු වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි
හිටපු අමාත්‍ය වරයා මේ වන විට කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ශල්‍යකර්මයකට ලක් කිරීමට නියමිතව ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
මතුගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මෙයාගේ කට හොද නැහැ, යන යන තැන නානවා, අර නිරෝධායනය කරපු මුස්ලිම් ගම්මානෙට නිරෝධායන නීතිත් කඩලා ඡන්ද ගන්න කොස් බෙදන්න ගිහින් රාජකාරියේ හිටපු හමුදා නිලධාරීන්ට කැත, පහත් වචනෙන් බනිනවා මුළු රටම දැක්කා, අපි හිතුවේ එදාම කයි කියලා.
මේ මනුස්සයට මාසෙකට සැරයක් ඩෙගා නැටුවේ නැත්නම් ඇඟට අමාරුයි.
මොහු සමහර තැන්වල හැසිරීමේ ප්‍රශ්න තියෙනවා. ඒත් අනික් මන්ත්‍රවරු එක්ක බලද්දි මිනිස්සුන්ගෙ දුක සහ ප්‍රශ්න වෙනුවෙන් මනාප බලාපොරොත්තුවක් නැතුවම ඕනම කාලයක ඕනම වෙලාවක හඩ නගන පෙනී සිටින මනුස්සයෙක්. අසාධාරණය වෙනුවෙන් හඩ නගන කෙනෙක්. කොහොමත් කොන්ත්‍රාත්කරුවන් මෙතුමන් එක්ක තරහයි. හොරට ගසා කන්න නොදෙන නිසා..
කවුද ඔය චන්ඩි කොන්ත්‍රාත් කාරයා...? හැබැයි රිටර්න් එක හෙට අනිද්දම ලැබෙනවා බොහොම සැරට.
පාලිතට ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ ඉලෙක්ට්රෝෂොක් වෙපන් එකකින්. මේකෙන් පිට පිට තුන්පාරක් පාලිතට ප්‍රහාරය එල්ල කරලා. අධි විදුලි ධාරිතාවක් ඇඟට වැදුණු නිසයි පාලිත වීසි වෙලා වැටිලා තියෙන්නේ. ඉලෙක්ට්රෝෂොක් වෙපන් පාවිච්චිය ලංකාවේ තහනම් නැත්ද? මේක භයානක ප්‍රවණතාවයක්. ඒ මොකොද කිව්වා නම් මේකේ දිගු දුර ඒවාත් (ටේසර්ස්) තියෙන හින්දා. මේවා තියෙන මිනිස්සුන්ට වහාම ඒවා පොලීසියට බාර දෙන්න කියල, ලංකාවේ ගිනි අවි පනත අනුව මේවා තහනම්... නැත්නම් වහාම තහනම් කරන්න ඕනේ....
ඉස්කෝලේ යන කාලේ තමන්ට අයිති නැති වැඩ කරන්න ගිහිල්ලා මමත් ගුරුවරුන්ගෙන් ටොකු කළා තිබෙනවා.
කොන්ත්‍රාත් කරුගේ වැරදි හොයන්න ඕන අදීක්ෂණ ඉංජිනේරුවෝ මිසක් හිටපු දේශපාලකයෝ නොවෙයි.