මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයකු ඇතුළු 05 ක් අත්අඩංගුවට
උතුරේ යාපනය හා ආශ්රිත පෙදෙස්වලින් මීගමුව නගරයට කේරල ගංජා, අයිස් හා හොරොයින් ආදි මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගෙනවිත් බෙදාහැරීමේ නිරතව සිටි බව කියන කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ සහායකයන් පස් දෙනෙකු රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා මත් ද්‍රව්‍ය තොගයක් සමඟ 4 සිකුරාදා අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය කියයි.