හිටපු අමාත්‍යවරුන් පස් දෙනකු ඇතුළු 18 ට නොතීසි
ඇවන්ගාඞ් සමාගම රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට, හිටපු අමාත්‍යවරුන් වන , විජේදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්වරුන් ඇතුලු 18 දෙනෙකුට ලබන 17 වැනිදාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබේ.