(ඩයනා උදයංගනී සහ තිළිණි ද සිල්වා)
තමා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී සිටීමෙන් පසු කිරුළ අහිමි වුවත් කම් නැති බවත් දිනාගත් කිරුළ යළි භාරදීමට කාලය එළඹ ඇතැයි තමන් දන්නා බව වත්මන් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලින් ජූරි මහත්මිය පවසයි.
තමන් පෙනී සිටියේ ලෝක විවාහක රූ රැජිණියගේ කිරුළේ සැබෑ අරමුණ වෙනුවෙන් බවත්, යමක් වෙනුවෙන් නැගී සිටින්නට හඬ නගන්නට සිදුවේ නම් ඒ වෙනුවෙන් අසීරුවෙන් හිමිකරගත් දෙයක් අහිමි කරගෙන හෝ පෙනී සිටිය යුතු බව තම ඇදහීම බවත් ඇය සඳහන් කරයි.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමිනි.
එහිදී ඇය මෙසේ ද පවසන්නීය.
“වාද මතවාදවලට තුඩුදුන්, පසුගියදා සිදුවූ සිදුවීම ගැන මගේ අවංක කනස්සල්ල පළකර සිටිමි. කිසිවකු සමඟ පුද්ගලික ආරෝවක් හෝ පුද්ගලික න්‍යාය පත්‍ර ද මට නැත. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ අවසන් වටයට තේරී පත්වූ සියලු දෙනා මා ඉතාමත් අගය කොට සළකමි. ඔවුන්ට ඔවුන්ගේ උපරිමයෙන් තරඟවැද ජයගැනීමට තරම් සාධාරණ සහ සැමට සමාන අවස්ථාවක් හිමිවන තරඟ පසුබිමක් වෙනුවෙන් මා පෙනී සිටිමි.
මා කිසිම තරඟකාරියකට පක්ෂපාතීව හෝ විරුද්ධවාදීව කටයුතු නොකළෙමි. මා නිරන්තරයෙන් සිටගත්තේ මා නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙනි. මා හට 2020 ලෝක රූ රැජිණ තරඟයේ තරඟ වැද ජයග්‍රහණය කිරීමට තරම් සාධාරණ වේදිකාවක් නිර්මාණය කරදුන් විවාහක රූ රැජිණ තරඟ සංවිධායකයින්ට එයින් අත්විඳින්නට සිදුවූ අපහසුතාවයක් වී නම් මම ද එය අත්විඳිමි. ලොව වටා සහ මගේ රටේ වෙසෙන පසුගිය සහ වර්තමාන රූ රැජිණ තරඟයේ ජයග්‍රාහිකාවන්ට එයින් අත්විඳින්නට සිදුවූ අපහසුතාවය මම ද අත්විඳිමි.
සෑම රූ රැජිණ තරඟයකටම ඊට අනන්‍ය වූ නීති රෙගුලාසි මාලාවක් ඇත. මා මුල සිටම පෙනී සිටියේ සාධාරණ වේදිකාවක් සහ සැමට සාධාරණ වූ නීති රෙගුලාසි වෙනුවෙනි. තරඟයක නීති රීති ඇත්තේ ඒවායේ අඩුපාඩුවලින් රිංගා යමින් කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට නොවේ. මා මුල සිටම ඒ වෙනුවෙන් හඬ නැගුවත් මගේ හඬනැගීම නෑසුන නිසාම අවසාන තරඟයට පෙර දිනයේදී මා විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස්වුණෙමි.
ලෝක විවාහක රූ රැජිණ කිරුළ යනු විවාහ ජීවිතයක් ගෙවමින් ඒ වෙනුවෙන් මහා කැපවීම් කරමින් වගකීම් දරමින්ම තම තමන්ගේ සිහින ජයගන්නා විවාපත් කාන්තාවන්ගේ ජාත්‍යන්තර සැමරුමයි. විවාහක, අවිවාහක සියලු කාන්තාවන් රැජිණියන්ය. සෑම රැජිණියකටම තමන්ට කියා වේදිකාවන් ඇත. ඒ වේදිකාවන් සහ තරඟවලට අනන්‍ය නීති රෙගුලාසි ද ඇත. මේ වසරේ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සත්කාරක රට ශ්‍රී ලංකාවයි. ඒ සඳහා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සූදානම් කරවීමට සහයදීම මගේ අරමුණයි.
කිරුළක් දරණ රූ රැජිණකට තිබිය යුතු වැදගත්කම් සහ ඇය පෙනී සිටිය යුතු වටිනාකම් ගැන පසුගිය දිනවල කතිකාවතක් ඇතිවූ අයුරු මා බලා සිටියෙමි. මගේ ඇදහීම වන්නේ චරිතයේ සැබෑ වටිනාකම යනු කිසිවකු බලා නොසිටියදීත් වැරදි නොකිරීම බවයි. මා විශ්වාස කරන වටිනාකම් වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනී සිටීමෙන් පසු මගේ කිරුළ අහිමි වුවත් මා පෙනී සිටියේ සහ සිටගත්තේ ලෝක විවාහක රූ රැජිණියගේ කිරුළේ සැබෑ අරමුණ වෙනුවෙන් බව මගේ හැඟීමයි. යමක් වෙනුවෙන් නැගී සිටින්නට හඬ නගන්නට සිදුවේ නම් ඒ වෙනුවෙන් හඬ නගමි. ඒ වෙනුවෙන් මා අසීරුවෙන් හිමිකරගත් දෙයක් අහිමි කරගෙන හෝ පෙනී සිටිය යුතු බව මගේ ඇදහීමයි.” යැයි ඇය පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කිරුළක් ලැබුවත් ඇඟිල්ලේ තරමට වඩා ඉදිමෙන්න ගියාම මේක තමයි අවසානය...
මිදි කන්න ගිය නරියා වගේ...
ඔය රූරැජිනියන් තේරීම කෙලෙස් වගුරුවන පව්කාර ක්‍රියාවක්....
මට මතක් වුනේ මාමගෙයි, බෑනගෙයි සිංදුවක්. "හැබැයි ඔරුව පෙරලුණොත්... පෙරළුණු පිට හොඳයි කියනවා.. හූ.. හූ .." මට තියන ප්‍රශ්නය තමයි මේ තරගයට තරග කාරියන් ඉල්ලුම්පත් යොමු කළාට පසුව තරගයට අදාල මූලික සුදුසුකම් සපුරා තිබෙනවාද කියා..? තරගයට පෙර සොයා නොබලා අවසන් මොහොතේ ඒ ගැන ප්‍රශ්න කරන්නේ ඇයි කියන එක... මෙයා අවසන් තරගය වෙලාවේ කට්ටිය ඉස්සරහා පොරක් වෙන්න ගිහින් අන්තිමේ හොදට නා ගත්තා. ගෑනුන්ට පිට ඔපේ තරමට මොළෙත් තිබුණා නම් කොච්චර හොඳයිද?...
ඉතින් ලස්සන කාන්තාව තමයි දිනුවේ.. මිනිහෙක්ගේ හුටපටයක් ඇදලා අරන් ඔහොම කරලා හරි යනවද? හැමෝම දැක්කනේ ලස්සනම පුෂ්පිකා කියලා..
ඉක්මණින්ම ඕක බාරදෙන්න.. ඔයා කොහොමටවත් සුදුසු නැහැ.
ඒකත් අවසන්.. ලබන සතියට මොකක් ඒවිද..?
කැරොලයින් කොච්චර හරි හෙන කට්ටක් කාලා ලෝක රූ රැජින වෙද්දී අනිත් කෙනා නිකම්ම නිකම් මැති ඇමති වරුන්ගේ උදව්වෙන් රැජින වෙනකොට කාටද මල නොපනින්නේ. මමත් දැක්කමයි සිංගල් මාම් කෙනෙක් ගෙවන සුපිරි ජීවිතේ. හෙලිකොප්ටර් සහ කෝටිපතියෝ පදින යොට් වල ගමන් බිමන් යන පුදුම සිංගල් මාම් කෙනෙක්. ඒ මදිවට හස්බන්ඩ් ගෙන් වෙන් වෙලා දැනටම අවුරුදු 4ක් ලු.
ඔයා පාතාල රූ රැජිනට නම් සුදුසු බව දැනටමත් සනාථ කර තියෙනවා.
වැඩේ වැරදුනා තමයි එත් ඉතින් කිරුල ආපසු ගත්තා... කාටවත් දෙවියෝ දුන්න රූපය ආපහු ගන්න බෑ.
බුදු දහමට අනුව අත්හැරීම සිතට සැනසීම ගෙන දේ
කතාව සම්පුර්ණ ඇත්ත
දෙන්න එපා දුන්නොත් ඉවරයි ... රනිල්ට රජකම දුන්නා වගේ වෙනවා... ආයෙත් ආපහු අරන් හමාරයි...
ජයවේවා.
ඔබ කියන දේ සම්පූර්ණ ඇත්ත . සුදුස්සාට සුදුසු තැන ලබාදීමට ඉදිරිපත්වූ ඔබ වීරවරියක් ලංකාවේ දැන් වෙන හැමදේම වගේ , කඩේ යන පිළිකන්නේ කැරකෙන එහෙයියනට වරප්‍රසාද, සම්මාන ලැබෙන ක්‍රමයට එරෙහිවීම ගැන ගරු කරමි
දන්නේ නැති නිසයි අහන්නේ.. විවාහක රූ රැජින් කියන්නේ...සෙපරේට් රූ රැජින් ද? දැන් අපේ ඉන්නේ සෙපරේටි රූ රැජිනක් නේද? මට නන් පෙන්න තියෙන්නේ මේක පිටිපස්සෙ දේශපාලනය ගැවිලා තියෙනවාමයි.....
අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටි ඔබ විශිෂ්ටයි. මෙම වංචනික රැවටිලිකාර රාජපක්ෂ පාලන තන්ත්‍රය යටතේ අපේ රටේ සාරධර්ම, නීති රීති සඳහා තැනක් නොමැති බව කවුරුත් දනිති.මේ සිද්ධිය පිටිපස්සේ බලගතු දේශපාලනයක් තියනවා. පුෂ්පිකා සිල්වා පොහොට්ටුවේ හයියෙන්, සංවිධායක ඔටුන්නට ලඟාවෙලා තියෙන්නේ. පට්ට අසාධාරණයක් මෙතන අනිත් අයට වෙලා තියෙන්නේ. පව් කිසිම බාහිර බලපෑමක් නැතුව තමුන්ගේ හයියෙන් සාධාරණව තනිවම ඉදිරිපත් වුණු ඉතුරු අය. දික්කසාදේ තව මාස 2 ක 3 කින් හම්බවෙන්න ඉස්සෙල්ලා ඔටුන්න දාගන්න පුෂ්පිකා උත්සහ කරපු බව හොඳට පේනවා එයා මාධ්‍යට කියපු දේවල් වලින්. මට පේන විදිහට එයා අනාගත වන්දියකදී පාදඩ රාජපක්ෂ පොහොට්ටු වෙන් ඡන්දේ ඉල්ලන්න බලාගෙන රාජපක්ෂ ක්‍රමයට නීති වලින් රිංගලා ඔටුන්න ගන්න බැලුවේ. 2025 ඡන්දෙට බැසිල් අපේක්ෂකයෝ දැන්ම ඉඳන් හදනවා. ඒ නිසා කැරලයින් ජූරි කරපු වැඩේ හරියට හරි ඔටුන්න ප්‍රසිද්ධියේම ගලවපු එක. නීතිය යුක්තිය සමාජ අගයන් වෙනුවෙන් නැගී සිටීම ඔය කටු ඔටුන්නට වඩා සිය දහස් වාරයක් වටිනවා. ඔබට ජය !
ලංකාව නියෝජනයින් බොහෝ පිරිස් නොයෙක් දේ සඳහා ඉදිරිපත් වන අතර එයින් සැබෑ ලෙස ලංකාවට ආදරය කර ගෞරවයක් දිනා දුන් පුද්ගලයින් මා නොදකින අතර එයින් සැබෑලෙස ඔවුන් නියෝජනය කරන ලද්දේ තමන්ගේ යම් පටු අරමුණක් මුල් කොට බව විශ්වාසයෙන් පැවසිය හැකිය. ඇය මෙම කිරුළ දරා වසරක් ගතවුවද යම් තරමින් වැඩිහිටි නිවාසයකට දානයක් දුන්නාවත් කියා ප්‍රවෘත්ති තුළින් මා දැක නැත. වෙනත් කිරුළ දැරූ කාන්තාවන් අප්‍රිකාව වැනි රටවල ඉතා දිළිඳු ළමුන් කාන්තාවන් වෙනුවෙන් යම් වැඩකොටසක් කරනා අයුරු දැක ඇති අතර ඇය මෙරටදී පවා කළ සේවයක් ලෙස මා දැක ඇත්තේ පසුගිය සිදු වූ සිදුවීම පමණි. ලංකාවට අවංක ලෙස ආදරය කළ කාන්තාවක් ලෙස සිරිමාවෝ මැතිණියගේ නාමය අවංක ලෙස පැවසිය හැකි අතර සේනක බිබිලේ මහතාද නිදහසින් පසු මෙරට බිහි වූ ආදරණීය වු මිනිසෙකු වේ.
හික්මීම බින්දුවයි
ලස්සන තිබුණාට විනයක් නැති නම් වැඩක් නැ...
සිරිලිය ගහපු ගැටේක තරම...
69 ලක්ෂයක් බයියන්ට අද තියෙන ප්‍රශ්නේ රාජපක්ෂලාගේ යටතට්ටු ගැන...
අවසාන තරඟයට පෙර දින විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා අස්වු ඇය කෙනෙකු ගේ කිරුලක් ගලවා තව කෙනෙකුට පැලඳ වූයේ කුමන බලයකින්ද? ඇත්තටම චන්දිමල්ට කල යුතුව තිබුනේ බලධාරියා වශයෙන් පොලිස් පැමිණිල්ලක් කිරීමයි
කරපු විදිය තමයි වටින්නේ නැත්තේ...!
රටේ කවුරුවත් නොදැන සිටි, අනාගත දේශපාලනයට එන්න (ගන්න) බලාගෙන හිටපු පුෂ්පිකාව එක රැයෙන් රට පුරාම ජනප්‍රිය කරවන කූට උපක්‍රමයට හසුවුණු මෝඩ ගැහැණියක්..!