හිටපු ජනපති දෙන්න ගිය ශිෂ්‍යත්ව මැතිවරණ කොමිසම අත්හිටුවයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සරසවි වරම් ලබා සිටින දරු දැරියන් 360 දෙනෙකුට තමන් අතින් අද(15) දිනයේ පිරිනැමීමට සූදානම් කර තිබූ අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ තිළිණ කවුරුන් හෝ මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලක් නිසා මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ නියමයෙන් අත්හිටුවීමට සිදුවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 15 June 2020
මහවැලි පදිංචිකරුවන්ට හය මාසයක් ඇතුළත හිමිකම්පත් කාලාන්තරයක් තිස්සේ පදිංචිව සිටියත් ඇඹිලිපිටිය වලව බලප්‍රදේශයේ මහවැලි කලාපවල පදිංචිකරුවන්ට සිය ඉඩම්වලට ඔප්පු හෝ බලපත්‍ර නැති නිසා ඒ ඉඩම් සදහා හිමිකම්පත්‍ර මාස හයක් ඇතුළත ඒවා ලබාදෙන ලෙස නියෝග කර ඇති බව කෘෂිකර්ම හා මහවැලි සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (15) ඇඹිලිපිටියේදී පැවසීය. 15 June 2020
ලක්ෂ 10 ක මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට කුඩා දරුවෙකු යතුරු පැදියේ රැගෙන යමින් හොරෙයින් මත්කුඩු මහා පරිමාණයෙන් බෙදා හැරීමේ නිරත වූ කාන්තාවක් අද (15) රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 15 June 2020
ගම්පහ රෝහල මධ්‍යම රජයට පවරා ගන්නැයි ඉල්ලීමක් විවිධ අඩුපාඩු මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල , මධ්‍යම රජයට පවරා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කිරීමට ප්‍රදේශයේ නාහිමි වරුන් ඇතුළු ජනතා සංවිධාන සැලසුම් කොට ඇත. 15 June 2020
මුස්ලිම් අන්තවාදි සංවිධාන 43න් 4ක් ප්‍රධාන පාර්ශව ලෙස කටයුතු කරනවා ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පවතින බවත් ඉන් හතරක් ප්‍රධාන පාර්ශ්ව වශයෙන් කටයුතු කරන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (13) පැවසූහ. 15 June 2020
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අප රටට විතරක් නරකද? පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන අලුත් යෝජනාව පිළිබඳව අධ්‍යයනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් කමිටුවක් පත්කර තිබේ. සාමාජිකයන් 05 දෙනකුගෙන් සමන්විත අදාළ කමිටුව වෛද්‍ය සංගමයේ සාමාජික ශාඛා සම්බන්ධීකරණය කරමින් වාර්තාවක් සකස් කිරීමට නියමිතය. එම වාර්තාව අපේ රටට ලෝක තත්ත්වයේ වෛද්‍ය සේවාවක් ලබාදීම සඳහා ඉහළ ප්‍රමිතියකින් යුත් වෛද්‍යවරුන් බිහිකිරීමේ වඩාත්ම යෝග්‍ය ක්‍රමවේද පිළිබඳ කරුණු එළිදක්වනු ඇත. 15 June 2020
සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට රත්මලාන සොයිසා පුර අවන්හලකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් බුත්තල දී අත්අඩංගුවට ගෙන තිබේ. 15 June 2020
පකිස්තානයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 129ක් කටුනායකට පැමිණෙති කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද 15 අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . 15 June 2020
ඇට්ලන්ටා පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර දී පොලිසිය කළ වෙඩි තැබීමකින් තවත් කළු ජාතික තරුණයකුට ජීවිතය අහිමි විය. 14 June 2020
රත්මලානේ අවන්හලට වෙඩි තැබීමට ආ මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට රත්මලාන සොයිසාපුර අවන්හලට වෙඩි තැබීමේ සිද්ධියේ මෝටර් රථය පැද වූ පුද්ගලයා බුත්තල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (14) අලුයම විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය . 14 June 2020
ශ්‍රී ලාංකිකයන් 10,000 කට කොන්සියුලර් සේවා සහාය ඉතාලි රජය විසින් ලබා දී ‘සැනටෝරියා 2020” විශේෂ පොදු සමාව යටතේ තම වීසා විධිමත් කර ගැනීමට බලාපොරොත්තුවන ලාංකිකයන් 10,000 කට අධික පිරිසකට ඔවුනගේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය කොන්සියුලර් සේවා සහාය ලබා දීම මේවන විට ආරම්භ කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය අද පැවසීය. 14 June 2020
‘පාසල් විවේක කාලය වෙන වෙනම ලබාදෙන්න’ පාසල් නැවත ආරම්භ කිරීමේ දී පාසල තුළ සිසුන් ඒකරාශි වීම හෝ කණ්ඩායම් ගැසීම වැළැක්වීම සඳහා පාසල් විවේකය එකම අවස්ථාවක නොදී වෙන වෙනම දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන් වෙත උපදෙස් දී තිබේ. 14 June 2020
‘අප්‍රිකානු කලාපයෙන් පසු දුනු ඊතල භාවිතා කළ රට ශ්‍රී ලංකාව’ මෙරට වසර 48,000කට පමණ පෙර ජීවත් වූ ආදිවාසීන් සතුන් දඩයම් කිරීම සඳහා සත්ව අස්ථිවලින් නිපදවූ ඉතා දියුණු ඊතල හා වෙනත් මෙවලම් භාවිතා කර ඇති බවත්, අප්‍රිකානු කලාපයෙන් පසු දුනු හා ඊතල භාවිතා කළ ලොව ප්‍රථම රට ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ඇතුළු දෙස්විදෙස් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් පාහියංගල ලෙනෙහි සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකදී හෙළිවී තිබේ. 14 June 2020
විදෙස්ගත වී සිටි ලාංකිකයින් 7000 ක් පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා අවසන් කොරෝනා වසංගතය හමුවේ මෙරටට ගෙන්වා ගන්නයි ඉල්ලා ඇති විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් 7000ක් පමණ මේ වනවිට ගෙන්වාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 14 June 2020
කෑගල්ල පොදුවෙළඳසැල් සංකීර්ණයේ ගින්නක් කෑගල්ල නගරය මධ්‍යයේ ඇති පොදු වෙළෙඳ සැල් සංකීර්ණයේ හදිසි ගින්නක් හටගෙන තිබේ. 14 June 2020
පුපුරණ ද්‍රව්‍ය සහිත පාර්සලයක් නිශ්ක්‍රීය කරයි කිලිනොච්චිය , කණ්ඩාවලෙයි යුද හමුදා 573 බළසේනා මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අසල පුපුරණ ද්‍රව්‍ය සහිතව සකසා තිබූ පාර්සලයක් අද (14) දහවල් යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් නිශ්ක්‍රීය කොට ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 14 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1889 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1889 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 14 June 2020
පාකිස්තානයේ හිටපු අගමැතිට - හිටපු ක්‍රිකට් නායක අෆ්රිඩිට කොරෝනා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යුසුෆ් රාසා ගිලානිට සහ එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන ෂහිඩ් අෆ්රිඩිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. 14 June 2020
බූස්ස බන්ධනාගාරයේ සඟවා තිබු හෙරොයින් ජංගම දුරකතන අත් අඩංගුවට බුස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි බන්ධනාගාරයේ විශේෂ ඒකකයේ ඩී.01වාට්ටුවේ සඟවා තිබු හෙරොයින් ග්‍රෑම් 7ක් ජංගම දුර කතනයක් ,දුර කතන බැටරි 3ක් චාජර් 3ක්, දුර කතන අංක සහිත කුඩා පොතක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 14 June 2020
දෙවැනි දිනටත් ඉන්දියාවේ දිනක කොරෝනා ආසාදිතයන්ගේ ගණන 11,000 ඉක්මවයි ඉන්දියාවෙන් අඛණ්ඩව දෙවැනි දිනටත් දිනක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 11,929ක් අද (14) වාර්තා විය. 14 June 2020
‘’කොරෝනා මර්දනයට ලැබුණු විදේශ මුදල් ගැන නිවැරදි තොරතුරු වහාම රටට හෙළි කරන්න’’ කොරෝනා මර්දනයට ලැබුණු විදේශ අරමුදල් පිළිබඳ නිවැරදි තොරතුරු වහාම රටට හෙළිකරන්නේ රජයෙන් ඉල්ලා සිටින බව බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 June 2020
ගැමුණු අර්ධ සුඛෝපභෝගී බස් අහෝසි කරන්නයි ඉල්ලයි අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව වහා අහෝසි කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා රජයෙන් ඉල්ලා සිටියේය. 14 June 2020
ලිසීං සහනය ජනතාවට දිය යුතු බව සජිත් කියයි ජනතාව වෙනුවෙන් ලබා දෙන බව කී ලීසිං සහන වහාම ආණ්ඩුව ලබා දියයුතු බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 14 June 2020
ගුවන්තොටුපළ අගෝ. 1 ට පෙර විවෘත කරන්න රජයේ අවධානය කටුනායක ගුවන්තොටුපල ලබන අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (14) පැවසීය. 14 June 2020
කොළඹ ජාතික රෝහලේ ලක්ෂ 79 කොල්ලය වැලැක් වූ පොලිස් කොස්තාපල්වරයකු රිය අනතුරකින් මරුට කොළඹ ජාතික රෝහලේ ඒ මුදල් ගෙවීම් අංශයේ උපන් රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ල කෑමේ සිද්ධිය වලක්වමින් මුදල් කොල්ල කෑ සැකකාර වෛද්‍යවරයා මුදල් සමග අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල්වරයෙකු රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිය දී අද (14)අලුයම මියගොස් ඇත 14 June 2020
ඇඳිරිය කඩමින් පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී රිය අත්අඩංගුවට ඇඳිරිනීති කාලයේදි පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් එහි රියැදුරු සමඟ අද(14) අලුයම අත්අඩංගුවට ගත් බව හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු කියති. 14 June 2020
කෝටි එකහමාරක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට යාපනය කුසුමන්තුරේයි මුහුදු තීරයේදී කේරළ ගංජා ජාවාරමේ නිරතවූවන් සොයා කළ විශේෂ සෝදිසි මෙහෙයෙමුකදී රුපියල් කෝටි එකහමාරකට අධික කේරල ගංජා කිලෝ 103 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 14 June 2020
’මනම්පිටියේ වැලි නිධිය දේශපාලන බලවතුන්ගේ මාෆියාවක් වෙලා ’ මහවැලි ගඟේ මනම්පිටියේ වැලි නිධිය මේ වනවිට දේශපාලන බලවතුන්ගේ මාෆියාවක් බවට පත්වී ඇතැයිදඑම නිසා එය නතර කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය වහා පියවර ගතයුතුයැයි මනම්පිටිය වැලි නිධිය සුරැකීමේ සංවිධාන එකමුතුව අද(13) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය. 13 June 2020
මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (13) දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 13 June 2020
තේ වත්තක වළ දමා තිබූ බිලිඳු සිරුර ගොඩගනී නොර්වුඩ් තේ වත්තේ ඉලුක් යායක වළදමා තිබු බිලිදු මළ සිරුරක් හැටන් වැඩබලන දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා සහ දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේෂාන් මදුසංඛ මහතා ඉදිරියේදි නොර්වුඩ් පොලිසිය අද ( 13) ගොඩගත්තේය 13 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026