( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නිසි බලපත්‍ර නොමැතිිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමට අදාලව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වන ජීවී අමාත්‍ය සී. බී. රත්නායක යන මහත්වරු ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවකින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සදහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත .
පරිසර යුක්ති කේන්ද්‍රය, එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයෙකු වන හේමන්ත විතානගේ, නීතිඥ සංජය එදිරිසිංහ, සත්ව වේදිනියක වන පංචාලි පනාපිටිය යන අය මෙම පෙත්සම ගොනු කරනු ලැබ සිටිති.
එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වනජීවී අමාත්‍ය සී බී රත්නායක සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමටත් ඊට අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීම යන කරුණු ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක යන මහත්වරුන් විසින් ඉකුත් මාර්තු මස 12 වනදා ඉදිරිපත් කළ බවය.
එම කැබිනට් පත්‍රිකාව තුළින් අධිකරණයේ පවතින අලි ඇතුන් සම්බන්ධ නඩු ඉල්ලා අස්කර ගැනීමට යෝජනා කර ඇති අතර එසේ අධිකරණය හමුවේ පවතින නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙස තීන්දු ගැනීමට විධායකයට හිමිකමක් නොමැති බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් කියා සිටිති.
ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව තුළින් අග්‍රාමාත්‍යවරයා සහ වනජීවී අමාත්‍යවරයා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇති බවට තීරණය කරන ලෙසද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් හරක් ටික නොමග යැව්වා. දැන් අලි ටික නොමග යවනවද කොහෙද?
අර පූස් පැටව් දාල යනවා වගේ පෙරහරට ගෙනල්ල පන්සලේ දාල ගියා කීව අලිත් පවුලේ අයගේ ඇත් පන්තියේ අලිත් ඔය කැබිනට් පත්‍රිකාවට ඇතුලත්ද?
අලි ඇතුන් රැක බලාගත හැකි කෙනෙක් සිටීනම්, ඔවුන් එම සතුන් බාර දීමේ වරදක් නැහැ. එවැනි දෙයක් කිරීමෙන් ඈත ගම්මාන වල සිදුවන අලි මිනිස් ගැටුම යම් ප්‍රමාණයකින් අඩු කරගත හැක.
මේ අලි අහසින් පාත් වෙලාද? ගත්ත තැනක්, මව් ඇතින්නක් නැතිද?