( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන්ට දඩුවම් දී ඔවුන්ගේ සියලු දේපොළ රාජසන්තක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත්වීරසේකර මහතා කීවේය.
දේපොළ එලෙස රාජසන්තක කර උපයාගන්නා මුදලින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවීමට සළකා බලන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබද විවාදයේ පිලිතුරු කතාව කරමින් ඔහු එසේ සඳහන් කළේය.
කුමන තරාතිරමක අය වූවද ඒ පිලිබදව සොයා වරදකරුවන්ට දඩුවම් කිරීම කුමන අභියෝග පැමිණියත් අකුරටම ඉටු කරන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රහාරයේ සැකකරුවන්ට විරුද්ධව නීතිපතිවරයා ඉතා කෙටි කාලයකින් නඩුපවරනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුස් වෙඩි යවන එකේ සීමාවක් තියාගන්න!
කියන්න ඕනේ නෑ ඕවා කරලා පෙන්වන්නකෝ ඡන්ද ලංවෙනකොට තමා ඔක්කොම බැලිල්ල
හැබැයි මේ අවුරුද්දෙ නෙවෙයි ලබන අවුරුද්දෙ. මොකෝ අලි වැට ගහනවා වගේ මේවා ඉක්මණින් කරන්න පුලුවන් වැඩද?
අනේ මහත්තයෝ කරන්න පුළුවන් දේවල් ගැන පමණක් කතා කොරන්න නීතිය ඔබේ අතේ නැහැ නීතිය ක්‍රීයාත්මක කිරීමේ බලයකුත් ඔබ්ට නැහැ. ඉතින් බැරි මගුල් කතා කරලා පල් වෙන්න එපා.
මේකට සම්බන්ධ අයගේ දේපල රාජසන්තක කළොත් අදාළ අයට ඡන්දිත් දීලා තව රජයට හොද ආදායමකුත් ලබා ගන්න පුලුවන්. එක් අයෙකුට තම ධූරයෙන් සමුගෙන යනකොට දීපු ගෙයම වටිනවා කෝටි ගානක්.
ඡන්දයක් ළංවෙනකොට පුච්චන රොටියක් විතරයි.
මෙයාලා කොහොමටත් දන්නේ ජනතාව ගොනාට අන්දවන එකනේ...?
මේ මනුස්සයත් බොරු කයිවාරුකාරයෙක් විතරයි. කියන කිසි දෙයක් වෙන්නේ නෑ. ජනාධිපතිටම ගැලපෙනවා...
ඔක්කොම කරනවා කියලා විතරයි කියන්නේ කරපු දෙයක් නැ
කවි කියපු කට කෙඳිරිගානවා කිව්වලු...
ඉතින් කිය කිය ඉන්නේ ... කරලා පෙන්නන්නකෝ පුළුවන් නම්...? හැමදාම අඳෝනාව තිය තියා ඉන්නේ..
කටින් බතල හිටවන්නේ නැතිව, වැඩකරලා කරපුවා ගැන කියවන්න...
තවත් පුස් වෙඩිල්ලක්....
කයිවාරු විතරයි....
මෙයා කිව්ව දේවල් උනානම්.... කයිය විතරයි
කරල ඉවර වෙලා, මෙන්න කළා කිව්වනම් වටිනවා. එහෙම වුණාම බොරු කයිවාරු කාරයෙක් විතරයි කියල කියන්නත් බෑ.