පොඩි ලැසී අධිකරණයෙන් ජීවිතාරක්ෂාව ඉල්ලයි
දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තමා ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ජනිත් මධුශංක හෙවත් ‘පොඩි ලැසී‘ නැමැත්තා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, එහි ප්රධාන ජේල්ර් , බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට නොවැම්බර් 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (23) නොතිසි නිකුත් කළේය