
(තිලකරත්න දිසානායක)
ගණේමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ටිපර් රථයක් , දුම්රියක ගැටීමෙන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථ හතරකට සහ යතුරු පැදියකට දැඩි ලෙස හානි සිදුව ඇතැයි ගණේමුල්ල පොලිස් රථවාහන අංශය පවසයි.
අද (20) දහවල් කොළඹ දෙසට දුම්රියක් ධාවනය වන බැවින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා තිබියදී කඩවත දෙස සිට ගම්පහ දෙසට ධාවනය වෙමින් තිබු ටිපර් රථයක් ගේට්ටුව අතරින් ධාවනය වීම හේතුවෙන් දුම්රියෙනි ගැටී ඇති බවත් පසුව ටිපර් රථය ඇදී ගොස් අසල නවතා තිබූ ත්‍රී රෝද හතරක සහ යතුරු පැදියක ගැටී ඇති බවත් පොලීසිය සදහන් කරයි.
දුම්රිය හරස් මාර්ගය වසා තිබීම මත ටිපර් රථය නතර කිරීමට උත්සාහ කළද තිරිංග ක්‍රියාත්මක නොවීමෙන් අනතුර සිදුවූ බව ටිපර් රථයේ රියදුරා ප්‍රකාශ කළ බවද පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවීල් මල්ලිලාට නම් පව්. එකතුවෙලා ආණ්ඩුවක් ගෙනවා. ලොක් ඩවුන් කාලේ රිම් එකෙන් දිව්වා. දැන් අහක යන ලොරිත් ඒ අයට...
මේ නම් බොරු කියන්නේ. ගනේමුල්ල පාරේ මේවා යන හැටි බලන්න ඕනේ. මාර හයියෙන් යන්නේ...
ලොරිය කුඩු වුණේ නැතෙයි...
ඔය තිරිංග ක්‍රියාත්මක නොවන වාහන තියෙන්නේ ලංකාවේ විතරයි. අපි ඒ ගැන ආඩම්බර වෙන්න ඕනේ...