දිස්ත්‍රික්ක 13කට කොරෝනා පැතිරිලා
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා පොකුරත් සමඟ, මේ වනවිටත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 13කට වයිරසය ව්‍යාප්ත වී ඇති බවත්, සෙසු දිස්ත්‍රික්ක වෙතද වයිරසය ව්‍යාප්තවීමට වැඩි ප්‍රවණතාවක් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.