මහනුවර මධ්‍යම වෙළෙඳපොලෙහි මත්ස්‍ය අලෙවිසැල් වසා දමයි මහනුවර ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ මත්ස්‍ය අළෙවි පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ. 25 October 2020
ගම්පහ ඇඳිරිය නැවත දැනුම් දෙනනතුරු අඛන්ඩව ගම්පහ දිස්ත්‍රික්කයට මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබේ. 25 October 2020
කොළඹ පොලිස් බල ප්‍රදේශ 4 කට ඇඳිරිනීතිය කොටුව,පිටකොටුව,බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ 4 සඳහා අද (25) සවස 6 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධෘයන ඇදිරිනීතිය පනවා තිබේ. 25 October 2020
කළුබෝවිල රෝහලේ 6 කට කොරෝනා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල) කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය. 25 October 2020
ඩොල්ෆින් මරා කරවල කළ කළ 6 ක් ත්‍රි’මලෙන් අල්ලති මැරිමට තහනම් ක්ෂිරපායි මත්සයකු වන ඩොල්ෆින් මසුන් මරා ඒවා කැබලි කරවල කර මෝර වරල් තොගයක් සමග ත්‍රිකුණාමල ධිවර වරායට සේන්දු වූ බහුදින ධිවර යාත්‍රාවක් පුද්ගලයින් 6 දෙනෙකු සමග අත්අඩංගුවට ගැනිමට නාවික හමුදා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමත් වුහ. 25 October 2020
කහතුඩුවේ වෙළෙඳසැල් 6ක් වහයි පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළට වසා දැමීමට පෙර මාළු මිලදී ගැනීම සඳහා ගිය කහතුඩුව මිනුවන්විල පාරේ මාළු ව්‍යාපාරිකයට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා පැවසීය. 25 October 2020
මුලතිව්හි ගිලන්රථයකට වනඅලියකු පහරදෙයි මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ගිලන් රථයකට වන අලියකු පහරදීමෙන් ගිලන්රථයට බරපතල හානි සිදුව ඇතැයි පොලිිසිය පවසයි. 25 October 2020
පාර්ලිමේන්තු පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුටත් කොරෝනා පාර් ලිමේන්තු පොලිසියේ උප පොලිස් පරීක්ෂකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය. 25 October 2020
හැටන් මහජන පොළ තාවකාලිකව හුදකලා කරයි පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොළෙන් හැටන් නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කළ මත්ස්‍ය වෙළෙන්දෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයෙන් තහවුරු විමත් සමග හැටන් මහජන වෙළඳපොල තාවකාලිකව අද (25) දින සිට හුදකලා කිරිමට හැටන් දික්ඔය නගර සභාව සහ හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කළහ. 25 October 2020
දියතලාව රාජ්‍ය ඔසුසළ වසා දමයි දියතලාව රාජ්‍ය ඔසුහලේ සේවය කරන පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් දියතලාව රාජ්‍ය ඔසුහල තාවකාලිකව වසා එහි සේවකයින් සියලු දෙනා පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගත් බව හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය. 25 October 2020
රත්තොට වෙළෙඳසැල් 5 ක් වහයි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්රිත කොවිඩ් 19 පොකුරෙන් රත්තොට කිරිමැටිය ප්‍රදේශයේ අයෙකුට වයිරසය ආසාදනය විම හේතුවෙත් ඔහු ගැවසි ඇති බව කියන රත්තොට නගරයේ වෙළදසැල් පහක් අද (25) සිට වසා දැමිමට කටයුතු කළ බව රත්තොට ප්‍රාදේශිය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා පැවසිය. 25 October 2020
නුගේගොඩ ජනතාපොළ වසාදමයි නුගේගොඩ ජනතා පොළේ මාලු වෙළෙඳසැලේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වීම හේතුවෙන් ජනතා පොළේ ව්‍යාපාරික කටයුතු තාවකාලිකව නවතා දැමීමට කෝට්ටේ මහා නගර සභා සෞඛ්‍ය අංශය පියවර ගත්තේය. 25 October 2020
රිවස්ටන් වසා දමයි රත්තොට ප්‍රදේශයෙන් කොරොනා වයිරසය අසාදිත වු අයෙකු හදුනා ගැනීමත් සමග රත්තොට ප්‍රදේශයේ සංචාරකයින් පැමිනෙන ස්ථාන අද(25) දින සිට වසා දැමීමට පියවර ගන්නා බව රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා පැවසීය. 25 October 2020
රිවස්ටන් වසා දමයි රත්තොට ප්‍රදේශයෙන් කොරොනා වයිරසය අසාදිත වු අයෙකු හදුනා ගැනීමත් සමග රත්තොට ප්‍රදේශයේ සංචාරකයින් පැමිනෙන ස්ථාන අද(25) දින සිට වසා දැමීමට පියවර ගන්නා බව රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා පැවසීය. 25 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 4000 ඉක්මවයි මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. 24 October 2020
වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 24 October 2020
තවත් කොරෝනා ආසාදිතයන් 75 ක් හඳුනා ගැනේ මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 10.15 වන විට තවත් ආසාදිතයන් 75 දෙනකු වාර්තා වී තිබේ. 24 October 2020
කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ පහකට නිරෝධයන ඇඳිරිනීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 24 October 2020
පෝලන්ත ජනපතිටත් කොරෝනා පෝලන්ත ජනාධිපති අන්ඩ්‍රේ දූදාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශක බ්ලාසේ ස්පිකාල්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය. 24 October 2020
නාඋලින් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි මීට සුළු මොහොතකට පෙර නාඋල පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වු බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 24 October 2020
අර්ථසාධක අරමුදල් අයැදුම්පත් ළඟම පිහිටි කම්කරු කාර්යාලයට සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ අයදුම්පත් භාරගැනීම ළගම පිහිටි කම්කරු කාර්යාලය මගින් පමණක් සිදු කිරීමටත් එළැඹෙන 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා දුරකතන මගින් දිනයක් හා වේලාවක් වෙන් කර දීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 24 October 2020
තවත් කොරෝනා ආසාදිතයින් 201 ක් මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා ආසාදිත පොකුරෙන් අද (24 ) මේ වන විට තවත් 201 දෙනකු වාර්තා වී තිබේ. 24 October 2020
දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවයි මේ වන විට පවතින ඇදිරිනීතිය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් තාවකාලිකව අත්අහිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 24 October 2020
ගාල්ලේ සතිපොළ වසාදමයි රටේ ඇතිවී තිබෙන තත්වය සැලකිල්ලට ගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සති අන්ත පොළවල් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා තීරණය කර තිබේ. 24 October 2020
පීසීආර් පරීක්ෂණයට විරෝධය පළ කළ ධීවරයෙක් අත්අඩංගුවට ගාල්ල කොටුව බාල දක්ෂ මාවතේ රත්ගම වැල්ලේ ධීවරයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබා ගනිමින් සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරින්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා විරෝධය පෑ ධීවරයෙකු අද(24) දහවල් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 24 October 2020
දංකොටුව මාළු වෙළඳ සංකීර්ණය වසාදමයි දංකොටුව පොදු මාඵ වෙළඳ සංකීර්ණය අද දහවල් (24) වසා දැමීමට දංකොටුව මහජන සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව එක්ව පියවර ගනු ලැබීය. 24 October 2020
දළදා මාළිගාවට පැමිණෙන සැදැහැවතුන්ට හැඳුනුම්පත අනිවාර්යයි ශ්‍රී ලංකාව තුල මේ වන විට පැතිරී යමින් පවතින කොවිඩ් 19 වයිරසය හේතුවෙන්, ශ්‍රී දළඳා මාළිගාවට පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ හැඳුනුම්පත් අනිවාර්ය කර ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. 24 October 2020
ගොතටුවට-මුල්ලේරියාවට ඇදිරි නීතිය ගොතටුවට සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශයන්ට අද ප.ව 7.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා තිබේ. 24 October 2020
පීසීආර් ගන්න ආ අයෙක් හදිසියේම මියයයි කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයින් සහ රියැදුරන් 40 දෙනෙකු අද (24 ) කල්පිටිය රෝහලේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කරමින් සිටියදී එක් පුද්ගලයකු හදිසියේ මියගිය බව කල්පිටිය පොලිසිය පවසයි. 24 October 2020
බද්දේගම, වදුරඹ, ගිනිමැල්ලගහ සති පොළ නැවත දන්වන තුරු වහයි වර්තමානයේ ඇතිවි ඇති සෞඛ්‍ය තත්වය සැළකිල්ලට ගෙන බද්දේගම ප්‍රාදේශීය සභාවේ සියලුම සති පොළ නැවත දන්වන තුරු වසා තබන බව ප්‍රාදේශීය සභා සභාපති අනුර නාරංගොඩ මහතා පවසයි. 24 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026