ඇඹිලිපිටිය සතිපොළ වසා දමයි ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවිමෙන් ඇඹිලිපිටිය සතිපොළ හා විදි වෙළදාම තාවකාලිකව නැවත්විමට ඇඹිලිපිටිය නගර සභාව අද (27) පියවර ගත්තේය. 27 October 2020
කලවාන රෝහලේ ළමා වාට්ටුව වසා දමයි කලවාන මූලික රෝහලේ ළමා වාට්ටුව බාරව සිටි වෛද්‍යවරියක ස්වයං නිරෝධානයට ලක් කිරීම හේතුවෙන් රෝහලේ ළමා වාට්ටුව වසා දැමිමට පියවර ගෙන තිබේ. 27 October 2020
හැටන් හුදකලා කරයි කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හැටන් ප්‍රදේශය සම්පූර් ණ යෙන් හුදකලා කර ඇති බව කෝවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 27 October 2020
දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දමයි කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 10 දෙනෙකු සෞඛ්‍යය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන් , දික්ඔය නගරයේ සියලුම වෙලදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා අද(27) දින වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය. 27 October 2020
පානදුර අධිකරණයේ නඩුකටයුතු තාවකාලිකව නවතී කොරෝනා අසාදිතයකු පැමිණිම හේතුවෙන් පානදුර අධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව නවත්වා ඇතැයි අධිකරණ ආරංචිමාර්ග කියයි. 27 October 2020
කොළඹ-ගම්පහ-කළුතර දිස්ත්‍රික්කවල අධි අවදානම් ප්‍රදේශ රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 27 දෙනෙකුගේ කොට්ඨාස තුළ කොව්ඩ් - 19 වසංගත තත්වය අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශයට පත් කර තිබේ. 27 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 5000 ට කිට්ටු කරයි මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (26 පස්වරු 10.30 වන විට තවත් ආසාදිතයන් 261 දෙනකු වාර්තා වී තිබේ. 26 October 2020
තාවකාලික වාහන බලපත්රයෙහි වලංගු කාලය දීර්ඝ කෙරේ අන්තර්ජාලය මගින් වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේදී වාහන හිමියන් වෙත නිකුත් කරනු ලබන තාවකාලික ආදායම් බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම්දෙන තුරු දින 30ක් දක්වා දීර්ඝ කර ඇතැයි දකුණු පළාතේ ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 October 2020
කොරෝනා හොයන්න රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයත් එයි මෙරට කළ යුතු පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර තිබෙන රැපිඩ් ඇන්ටිජන් නැමති පරීක්ෂණය ද ශ්‍රී ලංකාවේ ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසීය. 26 October 2020
හෙට සිට දුම්රිය ගමන් වාර 18ක් කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් හෙට (27) සිට දුම්රිය ගමන් වාර 18 ක් හා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 26 October 2020
තවත් කොරෝනා ආසාදිතයන් 280 ක් හඳුනාගැනේ මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (26) පස්වරු 6.55 වන විට තවත් ආසාදිතයන් 280 දෙනකු වාර්තා වී තිබේ. 26 October 2020
සායන රෝගීන්ගේ පිහිටට රෝහල - තැපෑල යළි එක්වෙයි මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධ වැඩසටහනක් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 26 October 2020
ධීවර සංස්ථාව ගාල්ලේ මාළු අස්වැන්න මිලදී ගනී ගාල්ල ධීවර වරායේ ධීවර කාර්මිකයන්ගේ මත්ස්‍ය අස්වැන්න අද (26) මිලදී ගැනිමේ කටයුතු ධීවර සංස්ථාව, ටින් මාළු කාර්මාන්ත ශාලාව හා පුද්ගලික ආයතන මගින් ආරම්භ කොට ඇති බව ගාල්ල ධීවර වරායේ කළමණාකරු නෙරන්ජන් දිසානායක මහතා පවසයි. 26 October 2020
ආරක්ෂක තත්ත්වයේ වෙනසක් කරන්න පාස්කු ප්‍රහාරයේ වාර්තාව ඕනා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රටේ ආරක්ෂක ක්ෂේත්රයේ සම්පූර්ණ විපර්යාසයක් කිරීමට රජය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 26 October 2020
කොටගල නගරයේ වෙළෙඳ සැල් වහයි කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කොවිඩ්-19 රෝගින් දෙදෙනකු වාර්ථා වීමත් සමග කොටගල ප්‍රාදේශිය සභාව මගින් කොටගල නගරයේ වෙළෙඳ සැල් අද (26) සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන ඇත. 26 October 2020
මෙල්බර්න් දොරටු බදාදා ඇරෙයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට පනවා ඇති අගුලුදැමීමේ සීමා ලබන බදාදා (28) ඉවත් කිරීමට නියමිතය. 26 October 2020
හම්බන්තොට ධීවර වරාය හා මත්ස්‍ය වෙළද සැල වසා දමයි ඉකුත් 23 වැනිදා හම්බන්තොටදී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් පසුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු සිටින බවට තහවුරු වීමත් සමග හම්බන්තොට ධීවර වරාය හා ඒ ආසන්නයේ පිහිටි මත්ස්‍ය වෙළද සැල අද(26) පෙරවරුවේ සිට වසා දැමූ බව සෞඛ්‍ය අංශ පවසති. 26 October 2020
කොළඹ අධිකරණ කලාපයේ සියලුම අධිකරණවල කටයුතු අත්හිටුවයි ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය අතුළු කොළඹ අධිකරණ කලාපයේ ඇති සියලුම අධිකරණ වල කටයුතු ඇඳිරි නීතීය ඉවත් කරන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත. 26 October 2020
මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මසකට අත්හිටුවයි කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතු කොටගෙන මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය හෙට දින (27) සිට මසක කාලයක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා පැවසීය. 26 October 2020
රත්නපුර ගම්මාන කිහිපයක් හුදකලා කරයි රත්නපුර මල්වල ඇඹුල්දෙනිය ප්‍රදේශයේ මාලු වෙළෙන්දාගේ පවුලේ තිදෙනෙකුටද කොරෝනා ආසාදිත බවට තහවුරුවිමෙන් පසු එම ප්‍රදේශයේ ගම්මාන කිපයක් හුදෙකලා කිරිමට රත්නපුර සෞඛ්‍ය බලධාරීන් සහ ඉහළ රාජ්‍ය බලධාරීන් තීරණය කළේය . 26 October 2020
කලුතර රෝහල් 5ක් කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙන් කරයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයේ රෝහල් 5ක් කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වෙන් කර ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය . 26 October 2020
හිටපු එස්.ටී.එෆ් කොස්තාපල් ගෙදර ආයුධ හදලා සිය නිවෙසේ අවි ආයුධ නිශ්පාදනය කරන කම්හලක් පවත්වාගෙන ගිය බව කියන හිටපු පොලිස් විශේෂ කාර්යය බළකා කොස්තාපල්වරයකු ගිනි අවි,ජීව පතුරොම් ඇතුළු උපකරණ රැසක් සමඟ අද(26) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරිහු කියති. 26 October 2020
ගාල්ල අධිකරණ සංකීර්ණයේ අධීකරණවල නඩු කල් දමයි ගාල්ල අධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණවල අද (26) දින විභාගයට ගැනීමට තිබූ සියලුම නඩු විභාගයට නොගෙන ඉදිරි දිනවලට කල්තැබීමට ගාල්ල නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි විනිසුරුවරු කටයුතු කළහ. 26 October 2020
කුරුණෑගල දිසා අධිකරණය වසා දමයි වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු සමඟ කුරුණෑගල දිසා අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සමීපව ඇසුරු කිරීමේ සිද්ධියක් අනාවරණය වීමෙන් පසුව ආරක්ෂිත පියවරක් ලෙස කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. 26 October 2020
අම්බලන්ගොඩ සියලුම පුස්තකාල දින නියමයක් නැතිව වසා දමයි අම්බලන්ගොඩ නගර සභාව මගින් පාලනය කරනු ලබන සියලුම පුස්තකාල අද (26 )දින සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇත. 26 October 2020
පුජාපිටියේ සියලු සතිපොලවල් නැවත දැනුම්දෙනතුරු වසා දමයි පූජාපිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යනු ලබන සියලු සති පොළවල් සෞඛ්‍ය අංශවල උපදෙස් මත නැවත දැනුම් දෙන තුරු වසා ඇති බව පූජාපිටිය ප්‍රදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතා කීය. 26 October 2020
ගල්කිස්ස අධිකරණයේ වැඩ කටයුතු තාවකාලිකව නවත්වයි ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළට කොරෝනා රෝගීන් ඇතුළු වී ඇති බැවින් ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් නීතීඥවරුන් නඩුවලට පෙනී නොසිටීමෙන් අද(26) දිනට නියමිත නඩු කල් දැමීමට පියවර ගෙන ඇත. 26 October 2020
හලාවත පොදු වෙළඳපොල සතියක් වහයි හලාවත නගරයේ පවත්වා ගෙන යන පොදු මාළු හා එළවළු වෙළදපොළ හෙට (27) සිට සතියක කාලයකට වසා දැමීමට අද (26) හලාවත නගර සභාවේ පැවැති විශේෂ රැස්වීමක දි තීරණය කරණ ලදි. 26 October 2020
කොටගල නගරයේ වෙළෙඳසැල් වසා දමයි හැටන් කොටගල රොසිටා සහ ග්රෙටන් තේ වතු වලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් දෙදෙනෙකු අද (26) දින හදුනාගැනීමත් සමඟ කොටගල වෙළෙඳසැල් සියල්ල වසා දැමීමට වෙළඳ සංගමය තීරණය කර තිබේ. 26 October 2020
ස්පාඤ්ඤය හදිසි නීතිය පනවයි : රටටම ඇඳිරි නීතිය නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත. 26 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026