බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරිනීතිය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 28 October 2020
පානදුර නගරාධිපතිගේ රියදුරුට කොරෝනා පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරු ට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 28 October 2020
යාපනයේ ගම් දෙකකට සීමා පනවයි පෑලියගොඩ මාළු තොග වෙළඳ සංකීර්ණයට ගිය යාපනයේ මාලු ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කොවීඩ් 19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි. 28 October 2020
අයියාට පිහියෙන් ඇන මල්ලී වාහනයකට පැන දිවි නසා ගනී:මවත් ඇද යට මිය ගිහින් මල්ලී විසින් තම අයියාට පිහියෙන් ඇන අනතුරුව අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරියකට පැන දිවි නසාගෙන ඇති බවත් එම සිදුවීම පිළිබඳව පරීක්ෂණය සිදු කිරීමේදී ඔවුන් දෙදෙනාගේ මවද නිවසේ ඇඳක් යට මිය ගොස් සිටිනු සොයා ගත් බවත් මතුගම පොලිසිය පවසයි. 28 October 2020
තවත් කොරෝනා ආසාදිතයන් 164 ක් හඳුනාගැනේ මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (27) පස්වරු 9.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වී තිබේ. 27 October 2020
මොරටුව - පානදුර - හෝමාගම මෙතැන් සිට ඇඳිරිනීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම, මොරටුව, පානදුර උතුර සහ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 27 October 2020
කුරුණෑගල නීතීඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති රට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල ක්‍රියාත්මක සියලු ම අධිකරණ සේවා කටයුතු වලින් හෙට (28) දිනයේ සිට ලබන 01 දින දක්වා ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය. 27 October 2020
සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි සඳ මත ජලය පවතින බව ප්‍රථම වරට විද්‍යාඥයින් විසින් සනාථ කර තිබේ. ඔවුන් පවසන්නේ සඳෙහි සූර්යයාට මුහුණලා ඇති පැත්තේ ජලය ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙන බවයි. 27 October 2020
රටම වසාදැමීමේ සූදානමක් නැහැ ‘කොවිඩ්-19’ වයිරසය හේතු කොටගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 27 October 2020
ඇඳිරි නීති පෙදෙස්වලට දින 2ක් වෙළඳසැල් - ඔසුසල් විවෘතයි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස්බල ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් සතියට දින 2ක් විවෘතව තැබීමට අවසර ලබා දී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 27 October 2020
මයික් පොම්පියෝ කටුනායකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස අද (27) රාත්‍රී 7.35 ට ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 27 October 2020
මයික් පොම්පියෝ එන්නේ එම්සීසී ගැන සාකච්ඡා කරන්න නොවේලු ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ (26) දැනුම් දී ඇත. 27 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 5000 පනී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (27) මේ වනවිට ආසාදිතයන් 293 දෙනෙකු එකතු වී තිබේ. 27 October 2020
කෙසෙල් වත්ත පොදු වෙළෙඳ සංකීර්ණය වසා දමයි පානදුර උතුර පොලිස් වසමේ කෙසෙල් වත්ත පොදු වෙළඳ සංකීර්ණය අද (27 ) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික ගිනිගේ මහතා පැවසීය. 27 October 2020
මස්කෙළිය - සාමිමලේ නගර වසාදමයි මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේවතුයායේ, ගඟේවත්ත කොටසේ පදිංචිකරුවන් තිදෙනෙකු කොවිඩ් 19 ආසාධිතයින් ලෙස තහවුරුවීමත් සමග මස්කෙළිය හා සාමිමලේ යන නගර අද (27) ප.ව. 04.00 සිට 30 වැනිදා දක්වා වසා තැබීමට තීරණයකට එළඹුණු බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. රාජවීරන් මහතා පැවසීය. 27 October 2020
තවත් ආසාදිතයෝ දෙදෙනෙක් මිය යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 27 October 2020
රෝහල් වලින් සියයට 90 ක් පිරිලා කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහල් ඇඳන් ප්‍රමාණයෙන් 90% කට වඩා මේ වන විට පිරීගොස් ඇති බැවින් ඉදිරියේදී සංකූලතා සහිත ආසාදිතයින් පමණක් රෝහල්වල තබාගෙන රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් නොවන වෙනත් මධ්‍යස්ථානවල රැඳවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 27 October 2020
හෙද සංගමයේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක් හෙද සේවයේ යෙදී සිටින අයගේ නවාතැන් ප්රශ්නය, ආහාර හා ගමනාගමන ගැටළු වලට ඉදිරි පැය 48 ඇතුළත පැහැදිළි විසඳුමක් ලබා නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. මේ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිඛිතව දැනුම් දී ඇතැයිද උන්වහන්සේ පැවසූහ. 27 October 2020
මුතුරාජවෙලට හානි කරන ව්‍යාපෘති තහනම් කරන්න යයි මුතුරාජවෙල වගුරු බිමට බරපතල ලෙස හානි සිදුකළ ව්‍යාපෘති හඳුනාගෙන එම ව්‍යාපාර තහනම් කිරීමට කටයුතු කරන්නැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ්‍යයේ නිලධාරින්ට අද (27) උපදෙස් දුන්නේය. 27 October 2020
වාලච්චේන කඩදාසි කම්හලේ පළමු ඇණවුම රජයේ මුද්‍රණාලයට වසර ගණනාවක් වසා දමා අකර්මණ්‍යව, අබලි යකඩවලට විකුණා දැමීමට නියමිතව තිබූ වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමෙන් පසු එහි නිෂ්පාදිත පළමු කඩදාසි තොගය රජයේ මුද්‍රණාලය වෙත පළමු ඇණවුම ලෙසින් බාරදීම අද(27) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිදුකෙරිණි. 27 October 2020
කුවේණියගේ නැඟණිය සිටි මාළිගාවට අල්ලපු ඉඩමත් ඩෝසර් කරලා කල්පිටිය - පල්ලිවාසල්තුරේ වේල්ලන්කර ප්‍රදේශයේ ගෙන්ගේ නොහොත් අල්ලිරාණි ආශ්‍රිතව කිසිදු අවසරයක් නොමැතිව ඉඩම් ඩෝසර් කිරීම වහාම නවතා දමා ඇතැයි කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් මධුෂිකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. 27 October 2020
ඇමෙරිකාවේ ටෙක්සාස්හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් අලුතින් ස්ථාපිත කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 27 October 2020
පානදුරේ මාවත් 6ක වෙළඳසැල් වසා දැමේ පානදුර නගර සීමා බල ප්‍රදේශයේ මාර්ග හයක පිහිටා තිබෙන ස්ථිර වෙළඳසැල් සහ තාවකාලිකව වෙළඳ කුටි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට මේ මොහොතේ සිට පියවර ගත් බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැවසීය. 27 October 2020
විදේශිකයන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලු වර්ගයේ වීසා බලපත්‍රවල වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 27 October 2020
බළන්ගොඩ හරක් මස් කඩේට ලක්ෂ 86 ක ලංසුවක් බලන්ගොඩ නගරයේ ගවමස් කඩය 2021 වර්ෂය සදහා රුපියල් ලක්ෂ 86 කට ඉතාම ආසන්න මුදලකට (රුපියල් 85,99,900) අද (27) දා බලන්ගොඩ නගරසභාවේ දි වෙන්දේසි වූ බව බළන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා පැවැසිය. 27 October 2020
මාවනැල්ලේ ප්‍රදේශ දෙකකට සංචරණ සීමා පනවයි මාවනැල්ලේ හිගුල්ඹය සහ මුරුතවෙල යන ප්‍රදේශ වලට සංචරණ සීමාවන් පැනවිමට කටයුතු කර ඇතැයි කරන ලද විමසිමකදි මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගැමුණු වික්‍රමසිංහ මහතා අද( 27 )පැවසිය. 27 October 2020
කොරෝනා ආසාදිත 17 වැනියාත් මියයයි මෙරට 17 වැනි කොරෝනා මරණය අද (27) දහවල් වාර්තා විය. මෙලෙස මිය ගොස් ඇත්තේ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි. 27 October 2020
මධ්‍යම පළාතේ ආදායම් බලපත් නිකුත් කිරිම මාසයක් අත්හිටුවයි කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මධ්‍යම පළාතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත් නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 27 October 2020
වව්නියාවේ පුරාවිද්‍යා ස්මාරක සහිත ස්ථානයක් ඩෝසර් කරලා වවුනියාව, සෙට්ටිකුලම, මැණික්ෆාම් ප්‍රදේශයේ ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක සහිත ස්ථානයක් කිසියම් පිරිසක් ඩෝසර් රථ යොදාගනිමින් විනාශ කිරීමකට ලක් කර ඇත. 27 October 2020
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලු කෞතුකාගාර වසා දමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලුම කෞතුකාගාර නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට අද(27) තීරණය කර තිබේ. 27 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026