(සුජිත් හේවාජුලිගේ)
තම දරුවන් අගහිඟතාව හේතුවෙන් මෙහෙකාර සේවයට දී ඇත්නම් වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානවලට දැනුම් දෙන්නැයි මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය .
මෙහෙකාර සේවයේ යෙදී සිටින තම දරුවන්ට කිසිවකුගෙන් හෝ අඩන්තේට්ටම් සිදුවන්නේ නම් ඒ පිළිබඳවද නිහඬව නොසිට ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි වීරසේකර මහතා ඉල්ලීමක් කරයි .
මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවයස්කාර දරුවන් සොයා විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ස්තුතියි. මෙය නීති විරෝධී ...
රජයක් හැටියට තම රටේ මිනිසුන් අගහිඟතා මැද ඔවුන්ගේ බාලවයස් දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම ගැන සැබැවින්ම,එම රජය ලජ්ජාවිය යුතුයි.රජය විසින් ක්‍රියාත්මක කරවිය යුත්තේ,ඒ අඩු ආදායම් ලාභීන් සදහා කිසියම් ආර්ථික සහනයක් සාධාරණයක් ඉෂ්ඨ කිරීමයි. පොලීසිය කරන්නේ,ඔවුන්ගේ රාජකාරිය පමණයි.ඒත්,මෙසේ බොහෝ පවුල් වල සිටින දරුවන්ට මෙපමණ දුක් ගැහැට ලැබුණත් ,මේ රටේ දේශපාලකයන්ගේ වත්කම් කොපමණද ? ඔවුන් හොරා කෑ හා හොරාකන,මුදල්, කොමිස් ඇතුළු සියලු සම්පත් කොපමණද? දේශපාලකයන්ගේ වත්කම් බැරකම් සොයා,අයුතු ලෙස ඉපයූ මුදල් හා දේපල යොදවා දුප්පත් දරුවන්ට සුවදායී ජීවිතයක් ලබාදිය හැකියි නේද ?
වියයුත්තේ මෙයයි. අනුන්ට දොස් කීමෙන් ඵලක් නැත. ඇමතිතුමනි ඔබට පිං....
මේ වනවිටත් රුපියල් 1000ක මුදලක් දෙමපියන් හට ලබාදී පොලිසි නොයවා මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවයස්කාර දරුවන් හොර පාරෙන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන ගොස් බාර දී තිබෙන්නට පුළුවනි. මෙවැනි වසර ගණනාවක් රට තුළ සිදු වූ සිදුවීම් එක දිනකින් විසඳුම් සෙවීමට පෙර ගැඹුරු විශ්ලේෂණයකින් පසු මෙහෙකාර සේවයේ සිටින දරුවන්ට වාසි වන සාර්ථක තීන්දු ගැනීමට හැකිව තිබියදී කලබල වී හදිසියේ සොරුන් අල්ලා ගැනීමට කරන වැටලීමක් මෙන් දරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ඇරඹීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ.
මෙච්චර දවස් නිදාගෙන හිටියා වගේ ... ළමයින්ටත් හමුදා පුහුණුවක් දුන්නොත් නරකද?
කරන්න පුළුවන් දෙයක් කතා කරමු. රටේ ජනමාධ්‍ය නොතිබුණා නම් අර අහිංසක ඉෂාණි දැරිවියගේ මරණයත් මෙලහට සිය දිවි නසා ගැනීමක් පමණයි...
අවුරුදු 73ක් වුණා සුද්දන්ගෙන් නිදහස ලබලා. ඇමැතියෙක් ලැජ්ජා නැතිව මෙහෙම කරන්න කියලා කියන්න පුළුවන්ද? ඔවුන් රට දියුණු කළා නම්...
මෙච්චර කල් නිදන් හිටියද?