(නිමන්ති රණසිංහ)
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නැවත එම දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.
හිටපු අමාත්‍යවරයාට හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 55 වන වාට්ටුවට ඇතුළත් කෙරුණේ ඉකුත් 17 වැනිදාය.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණු ප්රතිකාරවලින් පසුව අද 24 නැවතත් ඔහු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.
රිෂාඩ් බදුර්දීන් මහතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය නිර්දේශ මත ඔහුට ලබා දුන් ඖෂධ ලබානොගෙන හොර රහසේ ඉවතට විසිකර දමා ඇති බවට කරුණු හෙළි වී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
තමන්ව මුදල් ගෙවා ප්‍රතිකාර ලබාගත හැකි කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් කරන ලෙසද හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.
කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර හිටපු අමාත්‍යවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 22ක ගැහැණු දරුවෙක්ව තම මස්සිනා විසින් බලහත්කාරයෙන් දූෂණය කර ඇති පසුබිමක අවුරුදු 16 ක දැරිවියක්ව වැඩකාරකමට ගැනීම, බාලවයස්කාර දැරියන් ලිංගික අපයෝජනය කිරීමට අනුබල දීම යටතේ නඩු පැවරිය යුතුයි. ඊට අමතරව එම එම දැරිවිය සියදිවිනසා ගැනීම ගැන විද්‍යාත්මක පුළුල් පරීක්ෂණයක් අනිවාර්යයෙන්ම කළ යුතුයි.
සුදුස්සාට සුදුසු තැන ලබාදීම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වේ...
ඔය අසනීපයට ගොඩක් හොඳයි ඌරු සුප්...
මම ඔක්කොම බේත් බීවා. කිසිම දෙයක් විසි කලේ නැහැ. එහෙම විසි කරන්න බැහැනේ. මහජන මුදල්නේ... අපි මේ කිසි දෙයක් දන්නේ නැහැ. එහෙම දේවල් වෙලා නැහැ. මේ ඔක්කොම බොරු කියන්නේ. සිංහල අන්තවාදීන් තමයි මේ පිටිපස්සේ ඉන්නේ. ඕවා ඔක්කොම බොරු කතා. අපිට මඩ ගහන්න කියන ඒවා... හරි එහෙනම් මම යනවා පස්සේ හම්බවෙමු...
රිෂාඩ් ඊළඟ ඡන්දෙට නම් උදව් කරන්නේ බැසිල්ට.., මොකද එයාගේ දැන් එකම ගැලවුම්කාරයා බැසිල් විතරයි...
අපරාධ විශාල ගණනකට වගකිව යුතු බවට පෙනීයන මොහුට විරුද්ධව තවමත් නීතිය ප්‍රමාද ඇයි? එහෙම වුණොත් ජනතාව නීතිය අතට ගන්න ඉඩ තියෙනවා. දේශපාලන ඩීල් එපා. නීතිය ඉක්මණින් ක්‍රියාත්මක කරන්න.