පන්නල ඇඟලුම්හලක සේවිකාවක් හිටිහැටියේ මිය යයි පන්නල ඇඟලුම් කම්හලක සේවය කරන තරුණියක් නිවසේ සිටියදී අද(30) හදිසියේ රෝගාතුර වී දඹදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 30 October 2020
කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමාද නම් 1999 ට කියන්න කොවිඩ් 19 ආසාදිතයෙකු බව පී.සී.ආර් පරීක්ෂණයකින් තහවුරු වූ පසුත් රෝහලකට යොමු කිරීම ප්‍රමාද නම් ඒ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 30 October 2020
අකුරණ සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමයි අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොවිඩ් 19 වයිරසය ආසාදිත පුද්ගලයෙකු අද (30) වාර්තා වීමත් සමඟ අකුරණ කොට්ඨාසයේ පිහිටි සියලුම මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන ආගමික කටයුතු නැවත දැනුම් දෙන තුරු නැවැත්වීමට අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය උපදෙස් දුන්නාය. 30 October 2020
කුරුණෑගල විල්ගොඩ හුදකලා කරයි කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය සම්පුර්ණයෙන් හුදකලා කර ඇති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කරයි. 30 October 2020
කළමනාකරණ සහකාරවරියට එරෙහිව හමුදාපතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි බත්තරමුල්ල සෙත්සිරිපායේ සිව්වන මහලේ පිහිටි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොවිඞ් ආසාදිත කළමනාකරණ සහකාර නිලධාරිනියගේ සැමියා මාළු වෙළඳපොළෙහි ව්‍යාපාරිකයෙකු බැවින් නිරෝධායනයේ සිටිය යුතු බවත් එසේ තිබිය දී ඇය සේවයට ආවේ කෙසේ දැයි පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලමින් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සමෘද්ධි අමාත්‍යංශ ලේකම්වරයා සහ යුදහමුදාපතිවරයා වෙත ලිපියක් යවා ඇත. 30 October 2020
පී.සී.ආර්. යන්ත්‍රය අලුත් වැඩියා කරන්න චීනයෙන් ගෙන්වයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ තිබෙන මෙරට වැඩිම ධාරිතාවක් ඇති පී.සී.ආර්. යන්ත්‍රය අලුත් වැඩියා කිරීම සඳහා චීනයෙන් කාර්මික නිලධාරියෙකු ගෙන්වීමට මේ වනවිටත් පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද (30) පැවැසීය. 30 October 2020
උසස් පෙළ ගිණුම්කරණය ලියන සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ හෙට (31) පෙරවරුවේ පැවැත්වීමට නියමිත ගිණුම්කරණය විෂය සඳහා පෙනී සිටින සිසුන්ට මේ වසරේ සිට අතිරේක පහසුකමක් ලෙස, සාමාන්‍ය ගණක යන්ත්‍ර (කැල්කියුලේටර්) භාවිතයට අවසර ලබාදී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසීය. 30 October 2020
ඇඳිරිය තිබුණත් ඉන්ධනහල් විවෘතයි ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී බස්නාහිර පළාතේ විවෘතව තැබෙන ඉන්ධනහල් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. 30 October 2020
පූඩළුඔය නගරය වසා දමයි තලවකැලේ පුඩළුඔය , වටගොඩ , කොත්මලේ යන ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් කිහිප දෙනෙකු හමුවිම නිසා තලවකැලේ පුඩළුඔය නගරයට වතු කම්කරුවන් සංචරණය විම නතර කිරිම සදහා පුඩළුඔය නගරය දින කිහිපයක් වසා දැමිමට එම නගරයේ වෙලද සංගමය අද (30) දින සිට කටයුතු කර ඇත. 30 October 2020
නිවසේ සිට වැඩ කිරීම යළි ඇරැඹේ කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. 30 October 2020
කුරුණෑගල නගරයත් වසා දමයි කුරුණෑගල මහ නගර සභාව මඟින් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් නගර සභාවේ කම්කරු සේවකයින් 06 දෙනෙකු සමඟ මාළු ව්‍යාපාරිකයන් 02 කු කොරෝනා ආසාදිතයින් බවට අද තහවුරු වීම සැලකිල්ලට ගෙන කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියම කළ බව නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය. 30 October 2020
දවස් 4 ට පී.සී.ආර්. පරීක්ෂණ 39,727 ක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලට අනුව පසුගිය සඳුඳා සිට බ්‍රහස්පතින්දා දක්වා කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන 39,727කි. 30 October 2020
පෝය දවසේ කොට්ටුකච්චියේ විහාරස්ථාන දෙකක් වසා දමයි වප් පොහෝ දින ආණමඩුව කොට්ටුකච්චිය විහාරස්ථාන දෙකක් වසා දමා සියලුම කටයුතු නවතා දමා හිමිවරුන් තිදෙනෙකු ජෛව පටල සාම්පල ලබා ගැනිමට පුත්තලම මුලික රෝහලට අද(30) දින යොමු කල බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි. 30 October 2020
වැල්ලවාය සතිපොළවල් වසා දමයි කොවිඩ් 19 වසංගතය පැතිරීයාම වැළැක්වීමේ අරමුණෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන සතිපොළවල් අද (30) සිට තාවකාලිකව වසාදැමීමට වැල්ලවාය ප්‍රාදේශීය සභාව තීරණය කැර ඇත. 30 October 2020
බදුල්ල ඉරිදා පොල නවත්වයි බදුල්ල දුම්රිය නැවතුම් පොල ඉදිරියේ ඇති ඉරිදා පොළ ලබන ඉරිදා (1) නොපැවැත්වීමට බදුල්ල මහ නගරසභාව තීරණය කර තිබේ . 30 October 2020
දීඝවාපි කැනීම් වලින් පුරාවස්තු මතුවෙයි දීඝවාපිය රජමහ විහාරස්ථානයේ චෛත්‍යය සංවර්ධන කටයුතු නැවත ආරම්භ කොට සතියක් ගතවන්නට පෙර සිදුකල කල කැණීම් වලදී ලෝහමය මංජුසාවක තැන්පත්කල පබළු වලට සමාන පාෂාණ විශේෂයක් හමුවී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි. 30 October 2020
ගම්පහ නිරෝධායනය වන පවුලකට 10,000 ආහාර මල්ලක් කොවිඩ් 19 රෝග තත්ත්වය හේතුවෙන් නිවාස මට්ටමින් නිරෝධායනය වන ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් 10,000 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලත් මල්ලක් බැගින් ලබාදීම හෙට සිට ආරම්භ කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කරයි. 30 October 2020
ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ තිබේ. 30 October 2020
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 582 ක් මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (29) පස්වරු 10.20 වන විට වාර්තා වු ආසාදිතයන් 168 දෙනාත් සමග, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 582 ක් දක්වා ඉහළ ගියේය. 29 October 2020
සමෘද්ධි දෙපාර්තමේන්තුව වසාදමයි කළමණාකරණ සහයක නිලධාරිනියකට කොවිඩ් 19 රෝගය වැළඳී තිබීම හේතුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අද (29) වසා දමා තිබේ. 29 October 2020
කොළඹ අපරාධ කොට්ඨාසයේ 13 කට කොරෝනා කොළඹ අපරාධ කොට්ඨාසයේ තවත් පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි අද වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි. 29 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 6000 පනී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (28) රාත්‍රී 7.00 වනවිට ආසාදිතයන් 414 දෙනෙකු එක් වී තිබේ. 29 October 2020
රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 29 October 2020
කොට්ටාව පිවිසුමේ වාහන තදබදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමෙන් ඇතුළු වීමට පැමිණි රථවාහන හේතුවෙන් අද (29) සවස දැඩි රථ වාහන තදබදයක් පැවැති බව හෝමාගම පොලිසිය පවසයි . 29 October 2020
රත්නපුර මැණික් වෙළෙඳපොළ වසන්න නගරාධිපති නියෝග රත්නපුර නගරයේ මැණික් වෙළඳපොළ හෙට (30) සිට නතර කරන ලෙස රත්නපුර නගරාධිපති ටිරොන් අත්තනායක මහතා මැණික් ව්‍යාපාරිකයන්ට දැනුම් දෙයි 29 October 2020
විස්සට සහාය දුන් විපක්ෂ මන්ත්‍රීන් ආණ්ඩුව පැත්තට යවන්නලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාව තුළ ආණ්ඩු පක්ෂයෙන් අසුන් පනවන්නැයි ඉල්ලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමුකර තිබේ. 29 October 2020
බලන්ගොඩ ඉරිදා සතිපොළ නතර කෙරේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු බලන්ගොඩ නගරයේ ඉරිදා සතිපොළ නොපැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා සමග සාකච්ඡා කර අද (29) තීරණය කළ බව බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා පවසයි. 29 October 2020
සන්ඩේ ටයිම්ස් මුද්‍රණය අන්තර්ජාතික ආරක්ෂිත ක්‍රමවේද අනුව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් මුද්‍රණය කෙරේ. 29 October 2020
කහතුඩුවේ කොණ්ඩා කපන ස්ථානයකට මුද්‍රා කහතුඩුව කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරොනා ආසාදනයවීම හේතුවෙන් එම ස්ථානයට මුද්‍රා තබා කොණ්ඩා කැපීමට පැමිණි 125දෙනෙකුට අධික පිරිසක් ගෘහස්ථ නිරෝධායනයට ලක්කිරීමට අද(29) පියවර ගත් බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.කේ.එම්, ප්‍රභාත් මහතා පැවසීය. 29 October 2020
ඉස්ලාම් දේවස්ථානයක 3000 කට සකස්කළ දානයක් නවත්වයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මිලදී ගැනීමට ඇඳිරි නීතිය ලිහිල්කර තිබූ කාලය තුලදී බේරුවල මාලිගාහේන ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක 3000ක පිරිසක් වෙනුවෙන් සකස්කළ දානමය කටයුත්තක් බේරුවල පොලීසිය හා සෞඛ්‍ය අංශ එක්ව අද (29) නවතා දමා තිබේ. 29 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026