(අංජුල මහික වීරරත්න)
එක ගමක් හෝ කම්හලක් තෝරාගෙන එහි සැමට පී.සී.ආර් කරන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවත් එයින් සියයට 15ක් හෝ 20ක් අනිවාර්යයෙන්ම "පොසිටිව්" වන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
පී.සී.ආර් පරීක්ෂණ අඩුකර කොරෝනා ලෙඩුන් අඩු යැයි සතුටක සිටීම පදනම් විරහිත ක්‍රියාවක් බව කී රත්නප්‍රිය මහතා ආණ්ඩුව අද කොරෝනා මර්දනය පසෙක දමා කොරෝනා සමග ජීවත්වීම අත්හදා බලමින් සිටින බව ද කීය.
පුංචි බොරැල්ල රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී රත්නප්‍රිය මහතා පැවසූයේ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සිටින දස දහසේ පීසීආර් පරීක්ෂණ කළොත් ඒ පිරිසෙන් සියයට විස්සකට වඩා පොසිටිව් වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
N.G.O. නඩය ජයට වැඩ
කවදා ඉඳලාද සාත්තර කියන්න පටන් ගත්තේ?