මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට අද 164 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (02) පස්වරු 6.45 වනවිට ආසාදිතයන් 164 දෙනෙකු එකතු වී තිබේ. 02 November 2020
ඇඳිරි නීතිය තිබියදීත් කොළඹට දුම්රිය 8 ක් නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රිය පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 November 2020
සංවර්ධන කමිටු රැස්වීමට යන්න පිල්ලෙයාන්ට අවසර මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමට සහභාගිවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ට අවසර ලබා දී ඇත. 02 November 2020
ඇඳිරිය තිබුණත් ආර්ථික මධ්‍යස්ථාන - පිටකොටුවේ තොග කඩ විවෘත කරනවා කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 02 November 2020
ඇඳිරිය නොතකා තල්මසුන් බලන්න යති පානදුර මුහුදු වෙරළට තල්මසුන් පිරිසක් පැමිණිමත් සමඟ ඔවුන් දැක බලා ගැනීම සඳහා ඇඳිරි නීතිය ද නොතකා විශාල පිරිසක් රැස්ව සිටිති. 02 November 2020
ආසාදිතයෝ 344 ක් සුවය ලබති කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 344 දෙනෙකු සුවය ලබා අද (02) පිටව ගොස් ඇත. 02 November 2020
රත්නපුර අධිකරණ සීමාවේ නඩු විභාග නවත්වයි උද්ගතව ඇති කොවිඩ්-19 නව වයිරසයේ ව්‍යාප්ති තත්වය මත රත්නපුර දිස්ත්‍රික් නීතීඥ සංගමය කළ ඉල්ලීමක් පරිදි නොවැම්බර් 03 දින සිට 11 දින දක්වා දින 9ක් රත්නපුර පළාත්බද මහාධිකරණයේ සහ රත්නපුර දිසා අධිකරණයේත්, රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේත් නඩු විභාග නොවන බව එම නීතීඥ සංගමයේ සභාපති නීතීඥ ප්‍රජාපාලි අතුකෝරළ මහත්මිය පැවසුවාය. 02 November 2020
ප්‍රවාහන ගැටලු ඇති විභාග අපේක්ෂකයන්ට නව දුරකථන අංකයක් නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල සිටින අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන අපේක්ෂකයන්ට ප්‍රවාහන ගැටලු ඇත්නම් 077-1056032 යන දුරකථනයට දැනුම් දෙන ලෙසට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉල්ලීමක් කරයි. 02 November 2020
ගෝලිය කොවිඩ් මරණ ලක්ෂ 12 ඉක්මවයි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීයව මරණයට පත්වූ ගණන අද (2) මිලියන 1.2 ඉක්මවා ගියේය. 02 November 2020
කෝවිඩ් මරණ වර්ග දෙකක් කොවිඞ් ආසාදිතයන් ගේ මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා ගත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 02 November 2020
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු අලෙවියට හෙට සිට බාධාවක් නෑ බස්නාහිර පළාතේ ඇති සියලුම එළවළු අලෙවි කරන මධ්‍යස්ථාන හෙට( 3) දින සිට විවෘත කිරීමට රජය තීරණය කර තිබෙන බවත් ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩගැසී ඇති එළවළු සියල්ල අලෙවි වීමට බාධාවක් නොවන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 02 දින පස්වරුවේ පැවසීය. 02 November 2020
බොරැල්ල පොලීසියේ තවත් 8 කට කොරෝනා බොරැල්ල පොලීසියේ තවත් නිලධාරීන් 8 දෙනකුට කොරෝනා අසාදිත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි 02 November 2020
ශ්‍රී ලංකාවේ 22 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත 22 වැනි පුද්ගලයාගේ මරණය වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කර තිබේ. 02 November 2020
වයඹ පළාතේ ඇඳිරිය ගැන පොලිසියත් දෙගිඩියාවෙන් රජය විසින් ඊයේ (1) දිනයේ කොරෝනා වසංගතය පැතිර යන ප්‍රදේශ සඳහා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බළ ප්‍රදේශ කීපයක ක්‍රියාත්මක කිරීමේදී ගැටළුකාරි තත්ත්වයක් මේවනවිට ඇතිවී තිබේ. 02 November 2020
පන්නල ගම්මාන දෙකක් හුදකලා කරයි පන්නල සෞබ්‍ය බල ප්‍රදේශයට අයත් ගම්මාන දෙකක් අද (01) සවස හුදකලා කල බව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 01 November 2020
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 397 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (01) පස්වරු 10.00 වනවිට එක්වූ ආසාදිතයන් 204 දෙනා සමගින් අද දිනයේදී වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 397 ක් දක්වා ඉහළ ගියේය. 01 November 2020
වරාය නගරයේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත. 01 November 2020
නව ප්‍රා.ලේ. කොට්ඨාස - ග්‍රාම නිලධාරී වසම් තීරණයට කමිටුවක් නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නව ග්‍රාම නිලධාරී වසම් පිහිටුවීම සඳහා සීමානිර්ණ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත. 01 November 2020
කොරෝනා ආසාදනය වූ තවත් අයෙක් මිය යයි කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගයකු වැලිසර ලය රෝහලේදී මියගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (01) රාත්‍රී 8.50 ට නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 01 November 2020
දිස්ත්‍රික්ක අතර සංචරණයට දැඩි සීමා කොවිඞ් 19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස දිස්ත්‍රික් අතර සංචරණය දැඩි ලෙස සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. 01 November 2020
මාරස්සන සියලු වෙළඳසැල් වසාදමයි මාරස්සන නගරයේ ජංගම මාළු අලෙවිකරුවෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යලයේ නිලධාරින්ගේ උපදෙස් මත අද (01) සවස සිට මාරස්සන නගරයේ සියලූ වෙළඳසැල් දින නියමයක් නොමැතිව වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත. 01 November 2020
මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 193ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(01) පස්වරු 6.30 වනවිට ආසාදිතයන් 193දෙනෙකු එකතු වී තිබේ. 01 November 2020
ඇඳිරිනීති කාලය තුළ කොරෝනා ලක්ෂණ මතු වුණොත් දැනුම්දෙන්න අංකයක් නීතිය ක්‍රියාත්මක කාලය තුළ කිසියම් අයකුට කොරෝනා යැයි සැක සහිත රෝග ලක්ෂණයක් පහළ වුවහොත් රෝහලකට නොයා 0117 966366 දුරකතන අංකයට ඒ බව දැනුම් දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පැවසීය. 01 November 2020
කහතුඩුවේ සිදුවීමෙන් නිරෝධායන පනත උල්ලංඝණය වෙලා විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තෙකු පමණක් නිවසේ තනිකර දමා ඔහුගේ මව නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාම බලධාරීන් විසින් නිරෝධායන පනත උල්ලංඝණය කිරීමක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 01 November 2020
19 ක් කොරෝනා ආසාදිතයන් වීමෙන් හොරණ ඇඟලුම් කම්හල වසා දමයි සේවිකාවකට කොරෝනා ආසාදනය වීම නිසා ඊයේ (31) වසාදමන ලද හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයින් 145 දෙනෙකුගේ පිසීආර් පරීක්ෂණ ප්‍රතිඑල අනුව එමඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 19 දෙනෙකුට කොරෝනා ආසාදිතව ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 01 November 2020
මුහුදු ගිය ආසාදිත ධීවරයා නැවත ගෙන්වයි පී.සී.ආර් පරීක්ෂණයට ඉදිරිපත් වී ප්‍රතිඵල පැමිණෙන්නට පෙර බහුදින යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු කොරෝනා ආසාදිතයකු බව අද (01) තහවුරු වීමත් සමග එම ධීවරයා රැගත් බහුදින යාත්‍රාව නැවත බේරුවල වරායට ගෙන්වා ගත් බව සෞඛ්‍ය අංශ කියයි. 01 November 2020
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහජන කාර්යාලය වසයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෙට(02) සිට නැවත දැනුම්දෙන තුරු මහජනතාවගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 01 November 2020
බස්නාහිර ඇඳිරි නීතිය සතියක් දීර්ඝ කරයි බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 01 November 2020
පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකරන්නැයි වෛද්‍යවරු ඉල්ලති ‘කොවිඩ්-19’ අවදානම කෙරෙහි අවධානය ඒකාකාරීව තබා ගනිමින් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (1) පැවැසීය.සමාජයේ අහඹු නියැඳි තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ද දිනකට කරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්නැයි ද හෙතෙම කීය. 01 November 2020
පෘතුගාලයට - ඔස්ට්‍රියාවට දැඩි සීමා පැනවේ කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ. 01 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026