කෑගල්ල - කුරුණෑගල තවත් ප්‍රදේශ පහක් හුදකලා කරයි
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.