
(යොහාන් භාසුර)
පොදුවේ ජනතාව මුහුණ දෙන අර්බුදය සහ ඒ සඳහා ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය අතර අද (27) කොළඹ, ආචාර්ය එන්. එම්. පෙරේරා මාවතේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්‍යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවට කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුභසිංහ, දේශපාලන මණ්ඩල සභිකයින් වන අගා ජයසේන, සැනී විජේසිංහ, ඩී කේ ජිනදාස සහ මධ්‍යම කාරක සභික විල්ෆ්‍රඩ් ජයසිංහ යන මහත්වරු ද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි පාලක ලේකම් චමීර කොස්වත්ත, ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහභාගී යන මහත්වරු ද, සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වලපල්ලට ඇද දමන්න එකතුවන පිළිල...
ඇති යන්තං මොලේ පෑදීලා. දැන් වමේ පක්ෂ කීයක් තනියම අසාර්ථක ගමනක් යනවද?. වාමාංශික අදහස් ඇති සුළු ප්‍රතිශතයක් ඇති අය වටා එකතු වෙනවනම් පාර්ලිමේන්තුවේ ආසන දෙක තුනක් ගන්න පුළුවන්. ජේ වී පී තනිවන ගිහින් 6%' 3% ට අඩු කරගත්ත. අද බහුතරයකට පොහොට්ටුව, අත , අලියා, දුරකථනය එපා වෙලා ඉන්නේ. මේක තමයි කදිම අවස්ථාව .