
(යොහාන් භාසුර)
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය දක්වමින් ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හෙට (28) මාර්ගගත දේශන සහ වැඩසටහන්වලින් ඉවත්ව බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශාම බන්නෑහැක මහතා පැවසීය.
මාර්ගගත දේශනවලින් ඉවත් වීම සංඛේතාත්මක එක්දින විරෝධයක් ලෙස ක්‍රියාත්මක කරන බවත් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ පරාජ කිරීමට නොහැකි වී පාරට ගෙනයෑමට සිදුවුවහොත් අවශ්‍යතාව අනුව විරෝධය දීර්ඝ කරන බවත් මහාචාර්ය ශාම බන්නෑහැක මහතා කීය.
මාර්ගගත දේශනවලින් ඉවත්වීමට සමගාමීව සියලුම රාජ්‍ය විද්‍යාවිද්‍යලවල මූලිකකරගෙන අධ්‍යන, අනධ්‍යයන සහ ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධ කරගෙන හෙට (28) විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරන බව ද මහාචාර්යවරයා පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන් හැමදාම මෙහෙමයි. රටේ කිසිම නව දෙයක් ක්‍රියාත්මක කරන්න දෙන්නෙ නෑ. ඉතින් රට එතැනමයි. පේනවා නේද එකම කල්ලියට එක්වෙලා ඉන්න රෑන..?.
රාජ්‍ය විශ්ව විද්‍යාල ඉගැන්වීම් නතර කළාට පුද්ගලික විශ්ව විද්‍යාල ඉගැන්වීම් කටයුතු දිගටම කරනවා. එතකොට කාටද පාඩුව..? තව තවත් පුද්ගලික විශ්ව විද්‍යාලවලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ජවිපෙ අයට අවශ්‍ය ඒකද? එයාලගෙ ළමයි පිටරටවල....
ඔබලා ඒ කාලේ ඉඳන් සටන් කරපු නිසා තමයි..., නිදහස් අධ්‍යාපනය මෙච්චර හරි රැකිලා තියෙන්නේ... එදා ඉඳන් කට වහගෙන හිටියා නම් අද ලංකාව හැම පොලකම උපාධි දෙන කඩයක් තියෙයි.
අද මහජන බදු මුදලින් නඩත්තු වන විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙන්නට හැකිවන්නේ සුදුසුකම් ලත් අයගෙන් 20% ක් වැනි ප්‍රතිශතයකට පමණයි. අනිත් 80% ට උසස් අධ්‍යාපනය තහනම්ද? නිකම් හැමදේටම "විරෝධය" දක්වන්නේ නැතිව, ඉහත 80% ට උසස් අධ්‍යාපනය ලබන විදියක් මේ අයට යෝජනා කරන්නට බැරි ඇයි..?
ඒ වුනාට ඔතන ඉන්න අය පෞද්ගලික සරසවිවලත් උගන්වනවා.
පිටරට මෙන් ආචාර්යවරු වසර 5 කට පත් කරමු. වැඩ නොකරන මෙම වෙලාව හොඳම වෙලාවයි.ඉන් රටේ දියුණුව ඇති වේවී
මුලින්ම මේ සමිතිකාරයින් ටික පන්නලා දාන්න ඕනෑ .. නැතිව මේ රට හදන්න බෑ.
ඔබලා කියන නිදහස හෙවත් ජනතාවගේ බදු මුදලින් නොමිලේ උගන්වන විශ්ව විද්‍යාල 16ක් ලංකාවේ තිබෙනවා. කොතලාවල විශ්වවිද්‍යාලය මුදල් අයකර අධ්‍යාපනය දෙන විශ්ව විද්‍යාලයක්. කැමති කෙනෙකුට එහි තිබෙන නීතිරීති වලට අනුව ඇතුල් වෙලා එහි විනයට අනුව අධ්‍යාපනය හදාරන්න පුළුවන් නැතිනම් නිකන් ඉන්න පුළුවන්. ඒ විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්නේ ඒ විනය පිළිබඳව අවබෝධයක් ඇතුව. ලංකාවේ තිබෙන පුද්ගලික පාසල හැම එකකම වගේ ඊට අදාළ නීති පද්ධතියක් තිබෙනවා. ඊට අනුකූල වෙන්න බැරිනම් දරුවන් එම පාසල්වලට ඇතුළත් නොවී සිටින්න පුළුවන්... මේ පාසල් වලට කවුරුත් විරුද්ධ නැහැ. ළමයි ඇතුළත් කරන්නේ බොහොම කැමැත්තෙන්... එහෙනම් මොකද පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වෙන්නේ? එවන් විශ්ව විද්‍යාලයකින් සමාජයට එන දරුවන් සමාජයට වැඩ දායක කොටසක් වෙනවා. ජෙප්පන් විරුද්ධ වන්නේ ඔවුන්ට තැනක් නැති නිසාද?
මේ පනත 2018 පැවැති ආණ්ඩුවත් ගෙනාවා. ජෙප්පන්ගේ විරුද්ධත්වය නිසා පළවෙනි වරට අකුලා ගත්තා... දැන් මේ රජයත් එම පනත ගෙනෙන්නේ මෙය රටට අවශ්‍ය පනතක් නිසයි. බලයට එන රජයන් මේ පනත ගෙනෙනවා බලයට ඒමක් ගැන හිතන්න බැරි ගොබ්බ රැල විරුද්ධ වෙනවා. ඒ පුරුද්දක් හැටියට හා අපිත් ඉන්නවා කියලා රටට කියන්න. වෙළෙන්දෙක් ආවාම ගෙයක කොහේදෝ මුල්ලක ඉන්න බල්ලෙක්.... මමත් ඉන්නවා කියන්න බුරනවා වගේ...
තනතුරු ධරණ ගොඩක් ජෙප්පොන්ගේ ළමයි ඉගෙනගන්නේ පිටරටවල .මේ අතළොස්සක් ජෙප්පොන්ට කඩේ යන ,රෙදි අපුල්ලන , වහල්ලුන් දැන දැනම වහල් සේවයේ යෙදෙනවා .ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි අපතයෝ .