එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් ආපසු යවයි
ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න්, තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක්, කොළඹ වරායෙන් පිටත් වූ නෞකා 3 කින් ආපසු එංගලන්තය බලා අද(06) පිටත් කර යැවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.