මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 10,000 පනී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (08) පස්වරු 6.40 වනවිට තවත් ආසාදිතයන් 283 දෙනෙකු එකතු වී තිබේ. 08 November 2020
හැටන් ගියොත් ස්වයං නිරෝධායනයට කොවිඩ් -19 වයිරසය පැතිරයාමේ අවදානමත් සමග හෙට (09) සිට තම පොලිස් කොට්ඨාසය තුලට පැමිණෙන වතුකරයේ පිරිස් ඔවුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කරන බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා පැවසීය. 08 November 2020
ලක්ෂ 15 ක කුඩු සමඟ ’දළුපොත රොකී’ අත්අඩංගුවට මීගමුව ප්‍රදේශයේ මත්කුඩු විකිණීමෙහි යෙදී සිටි ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ 15ක් පමණ වන හෙරොයින් ග්‍රෑම් 105 ක් සමග අද (8) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි. 08 November 2020
අ’පුරේ යාචකයෝ 81 නිරෝධායනයට අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක සැරි සරන ලද යාචකයන් 81 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිමට අද (08) දින පියවර ගත් බව අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රැවන් විජේසිංහ මහතා පැවසිය. 08 November 2020
අනුරාධපුර රෝහලේ 17 වාට්ටුව වහයි අනුරාධපුර පූජා නගරයේ සිටි කොවිඩ් 19 රෝගය වැළදුණු යාචකයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට නොදැනුවත්ව ඇතුලත් කිරීම හේතුවෙන් රෝහලේ අංක 17 වාට්ටුව අද (8) තාවකාලිකව වසා දැමූ බව එම රෝහලේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය. 08 November 2020
ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයෙක් කොරෝනාවෙන් මරුට ජෝර්දානයේ ඇගළුම් කම්හලක සේවයේ නියුතුව සිටි වේයන්ගොඩ තරුණයකු කොරෝනා ආසාදිතව මිය ගොස් ඇති අතර එම ආයතනයේ විශාල පිරිසක් රෝගීව මෙන් ම අසරණ ව සිටින බව දැනුම් දී ඇතැයි මියගිය අයගේ ඥාතීහු කියති. 08 November 2020
562 ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 562 දෙනෙකු සුවය ලබා අද (08) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 08 November 2020
මාතර බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා මාතර බන්ධනාගාරයේ රදවා සිටි කාන්තා රැදවියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 08 November 2020
රජය කොරෝනා ව්‍යසනය ව්‍යාපාරයක් කරගෙන මහින්ද රාජපක්ෂ යුගය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුගය ද අසමත් බව අද වන විට ඔප්පු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ දී පැවසීය. 08 November 2020
දුර ගමන් සේවා බස් රථ හෙට සිට යළිත් සියලුම දුර ගමන් සේවා බස් රථ හෙට(09) දිනයේ සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය. 08 November 2020
හුදකලා ප්‍රදේශවල දුම්රිය නොනවත්වයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් හෙට(9) වැනිදා සිට උදෑසන සහ පස්වරුවේ කාර්යාල දුම්රිය ධාවනයට කටයුතු යොදා තිබේ. 08 November 2020
රාජ්‍ය සේවයේ අවම කාර්ය මණ්ඩලයක් පමණයි මේ වන විට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන ඇදිරීනිතිය හෙට (9) දින ඉවත් කළද රාජ්‍ය සේවයේ අතවශ්‍ය,අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවයට කැඳවිය යුතු යැයි රාජ්‍ය සේවා ,පළාත් හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. 08 November 2020
බස් - දුම්රිය කුරුණෑගල නතර නොකරයි කොරෝනා අවදානම මත හෙට සිට නිරෝධායනයට ලක් කර ඇති කුරුණෑගල නාගරික බළ ප්‍රදේශය හරහා ගමන් කරන කාර්යාල දුම්රිය සේවා සහ දුර ගමන් සේවා බස් සේවා කුරුණෑගල නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් රාජකාරි සඳහා කොළඹ බලා යන රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය සේවා වල සහ ආරක්ෂක අංශ වල සේවයෙහි නියුතු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 08 November 2020
දුරකතනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 කට දේශපාලන පලිගැනීම් කොමිසමේ පෙනී සිටින්නැයි සිතාසි දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බව කියන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට එම කොමිසම හමුවේ හෙට (9) පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (8) සිතාසි නිකුත් කළේය. 08 November 2020
ඇමෙරිකානු නව ජනාධිපතිවරයාට සජිත්ගෙන් සුබපැතුම් ප්රජාතන්ත්රවාදය, සමාජ සාධාරණත්වය, මානව හිමිකම් හා පුද්ගලික නිදහස වෙනුවෙන් වූ අරගලයේදී නායකත්ව කාර්ය භාරයක් ඉටු කරනු උදෙසා වූ ප්රයත්නය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි අභිනවයෙන් තේරී පත්වූ ඇමරිකානු ජනාධිපතිවරයා වෙත සුභ පැතුම් පණිවිඩයක් යොමුකරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. 08 November 2020
බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝධායනය වීම සඳහා රඳවා සිටි රැඳවියන් අතරින් 7 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීමෙන් ඔවුන් සියලු දෙනා වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර දෙපාර් තමේන්තුව පවසයි. 08 November 2020
ජනපති කොමිසමේ කාලය දිගු කරන්න ජනපතිගෙන් අවසර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ කාලය නොවැම්බර් 23 වැනි දා දක්වා දීර් ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කොමිසම වෙත නිර් දේශ නිකුත් කර තිබේ. 08 November 2020
අතුරුගිරිය රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු 11 ක් නිරෝධායනයට අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා හෝමාගම මූලික රෝහලට මාරු කර යැවු රෝගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වු බවට වාර් තා වීමත් සමග එම රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු ඇතුළු 11 දෙනකු ස්වයං නිරෝධායනයට කර රෝගීන් ඇතුළත් කර ගැනීම අද (8) සිට තාවකාලිකව නවතා දැමිමට පියවර ගත් බව අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ.පී සුබසිංහ මහතා පැවසීය. 08 November 2020
ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි සෞඛ්‍ය උපදෙස් මත තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වීමෙන් අනතුරුව හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් මරණයට පත්ව ඇතිබව හලාවත රෝහල් අධ්යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි පවසයි. 08 November 2020
ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පළමු වරට කාන්තාවක් ඇමෙරිකානු ඉතිහාසය අලුත් කරමින් කමලා හැරිස් මහත්මිය එරට උප ජනාධිපති ධුරයට පත් වූ පළමු කාන්තාව බවට පත්වූවාය. 08 November 2020
ඇඳිරිය හෙට ඉවත් කළත් සමහර ප්‍රදේශ හුදෙකලා කරයි මේ වනවිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියලුම ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය හෙට(09) උදෑසන 5.00ට ඉවත් කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 08 November 2020
ඇමරිකානු ජනපතිවරණයේ ජය ජෝ බයිඩන්ට ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 284 ක ජය හිමි කරගනිමින් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ලැබීමට ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් අද (7) සමත් විය. 07 November 2020
අද කොරෝනා මරණ 4ක් අද (07) දිනයේදී කොරෝනා මරණ 04ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 07 November 2020
ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කරයි ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපලවල කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වහාම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීහු අද (07) පියවර ගත්හ. 07 November 2020
බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන්ට කොරෝනා බොස්නියාවේ අග්‍රාමාත්‍ය සෝරන් ටෙගල්ටිජා මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. 07 November 2020
කුරුණෑගල නිරෝධායන ඇඳිරි නීතිය බල ප්‍රදේශ 2ක කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශයේ සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ පමණක් මේවනවිට ක්‍රියාත්මක වන බව කුරුණෑගල උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය. 07 November 2020
පෑලියගොඩ කොරෝනා පොකුරේ නව ආසාධිතයින් 257ක් අද (07) දිනයේදී පෑලියගොඩ කොරෝනා පොකුරේ නව ආශ්‍රිතයින් 257කට කෝවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ. මේ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවල සමස්ත ආසාධිතයින් ගණන 9749කි. 07 November 2020
තැපැල් කාර්යාල 2ක් ඖෂධ බෙදීම ප්‍රතික්ෂේප කරයි ඖෂධ බෙදාදීමේ වැඩපිළිවෙළ සෞඛ්යාරක්ෂිත නැතැයි පවසමින් බොරැල්ල හා හැව්ලොක් පෙදෙස ප්‍රධාන තැපැල් කාර්යාල දෙක අද (07) ඖෂධ බෙදීමේ කටයුතුවලින් ඉවත්ව සිටි බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 07 November 2020
ධවල මන්දිරයේ ප්රධානියාටත් කොරෝනා ඇමරිකාවේ ධවල මන්දිර ප්‍රධානී මාර්ක් මෙඩෝස් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 07 November 2020
කරන්දෙණිය දිසා රෝහලෙන් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම අද සිට කරන්දෙණිය දිසා රෝහල අද (7) සිට කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කර ඇත. 07 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026