(සුජිත් හේවාජුලිගේ)
රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික විදේශීය කෞතුකාගාරයකට විකිණීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි මැණික් සහ මැණික් ආශිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම මැණික් ගලේ වටිනාකමක් නොමැති බවට ඇතැම් පාර්ශව ඉදිරිපත් කරන මත පිළිනොගන්නා බව සඳහන් කළ රාජ්‍ය ඇමතිවරයා මෙහි ඉහළ වටිනාකමක් තිබෙන බව ක්ෂේත්රයේ විශේෂඥයන් කරුණු පෙන්වාදී ඇතැයිද ප්‍රකාශ කළේය.
නියමිත මුදලට එකඟ වුවහොත් අයිතිකරුගේ කැමැත්ත අනුව මැණික විදේශීය කෞතුකාගාරයකට වුව ලබාදීමට සූදානම් බවද පළමු කටයුත්ත ලෙස මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම මේදිනවල කරගෙන යන බවද රත්වත්තේ මහතා කීවේය.
මේ අතර මෙම මැණික් ගල එහි අයිතිකරුගේ එකඟත්වය මත විකිණීමට අවශ්‍ය කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා මැණික් හා මැණික් ආශ්රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතාට උපදෙස් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි .
රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වූවකි.
මෙය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසානයේ කියයි හිතපු තරම් මේක වටින්නේ නෑ කියලා. මේ රටේ බොහෝ දේවල්වල අවසානය එයයි...
හොඳම දේ තමයි ඔය මැණික අපේ කෞතුකාගාරයේ තියලා ලෝකේ ලොකුම මැණික කියා විදේශිකයින්ට පෙන්නා ආදායමක් හොයා ගැනීම...