ස්කූබි ඩූ කාටූනයේ සම නිර්මාතෘවරයා මියයයි ලොව ප්‍රකට කාටුන් කතා මාලාවක් වන ස්කූබි ඩූ හි සම නිර්මාතෘ කෙන් ස්පියර්ස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ 10 November 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 305 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (10) සවස 6.55 වනවිට ආසාදිතයන් 305 දෙනෙකු එකතු වී ඇත. 10 November 2020
මුහුදුබඩ දුම්රිය ධාවනය දින 3 ක් තනි මාර්ගයක කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පහළ මාර්ගයේ හදිසි ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් හෙට (11), අනිද්දා (12) සහ ඉන් අනිද්දා (13) යන තෙදින තුළ එක් මාර්ගයක දුම්රිය ධාවනය අත්හිටුවීමට සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි එම්. ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පවසයි. 10 November 2020
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක් කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ දී අද (10) දිනයේ එළිදක්වනු ලැබීය. 10 November 2020
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයෝ 56 ක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඞ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. 10 November 2020
කොරෝනා මරණ 40 ට නගී කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් ඇති බව අද (10) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 10 November 2020
විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මාසයක කාලයක් තාවකාලිකව වසා දමා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හෙට (11) සිට යළි ආරම්භ කරන බව එම අමාත්‍යාංශය කියා සිටී. 10 November 2020
ඇඳිරිය ඉවත් කළත් ගම්පහ බස් නැහැ මාසයකට වැඩි කාලයක් නිරෝධායන ඇඳිරිනීතිය නිසා වසා දමා තිබු ගම්පහ නගරය යලි විවෘත කෙරුන ද අද (10) දහවල් කාලයේ සිට ගම්පහින් ගමන් ආරම්භ කෙරෙන කිසිදු පුද්ගලික බස් රථයක් ධාවනය නොවන අයුරු දැක ගත හැකිවිය. 10 November 2020
657 ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව සිටි 657 දෙනෙකු සුවය ලබා අද (10) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 10 November 2020
ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි අද (10) නිකුත්වු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 10 November 2020
මහබැංකු සේවකයා නෙරපූ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සේවයෙන් පහ කළ ජ්‍යෙෂ්ඨ පරිගණක විශ්ලේෂකයෙකුට විශ්‍රාම වැටුප් සහිතව රුපියල් දශ ලක්ෂයක වන්දි මුදලක් සහ වයස අවුරුදු 60 වන තෙක් වැටුප් ලබා දීමට කොළඹ මහාධිකරණය මඟින් ලබා දුන් තීන්දුව ඉවත දැමීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය , ඔහුව එම සේවයෙන් පහ කිරීම සාධාරණ බවට කම්කරු විනිශ්චය සභාව මඟින් ලබා දුන් තීන්දුව අනුමත කළේය. 10 November 2020
මංගල උත්සවයට ආසාදිතයකු පැමිණීමෙන් මනාල යුවළ ඇතුළු පවුල් නිරෝධායනයට බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් මනාල යුවළ ඇතුළු එම උත්සවයට සහභාගී වූ පවුල් කීපයක් නිරෝධායන ලක්කිරීමට අද ( 10) පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය. 10 November 2020
ණය සහන කාලසීමාව තවත් මාස 6 ක් දිගු කරයි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ලබා දී තිබූ ණය සහන කාලය ඔක්තෝබර් මස 1 වැනිදා සිට තවත් මාස හයකට දීර් ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. 10 November 2020
මිත්තණියගේ ශ්‍රී ලාංකික කෑම වට්ටෝරුව ඕස්ට්‍රේලියානු මිණිබිරියට ජයගෙනේ ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 9 - 14ත් අතර දරුවන් සඳහා පැවැත්වෙන ඉවුම් පිහුම් තරඟාවලියක ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලාංකික ආහාර සැකසුමක් ඉදිරිපත් කළ ජෝර්ජියා නම් දැරිය සමත් වී තිබේ. 10 November 2020
ගලගෙදරින් ගම් 3 කට සංචරණ සීමා ගලගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කුඹුරේගම ආශ්රිත ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වසම් තුනක් සඳහා සංචරණ සීමා පනවනු ලැබ තිබේ. 10 November 2020
5000 දීමනාව ඉල්ලා ග්‍රාම නිලධාරිට තර්ජන රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව දෙන ලෙස ඉල්ලා අලුබෝමුල්ල බටහිර ග්‍රාම නිලධාරී කාර්යාලයට කඩා වැදුණු පුද්ගලයකු ග්‍රාම නිලධාරී රොෂාන් රණසිංහ මහතාට අද (10) මරණීය තර්ජනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි 10 November 2020
බොරැල්ල පොලිසියේ ලොක්කා ඇතුළු 40 ක් නිරෝධායනයට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 40 දෙනකු නිරෝධායනය සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කළ බව පොලිස් ආරංචි මාර් ග සඳහන් කරයි . 10 November 2020
මගී ප්‍රවාහන බස් රථ හිමියන්ට සහනයක් කොවිඞ් - 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින් අය කරනු ලබන ගාස්තු කිහිපයකින් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 10 November 2020
මාවනැල්ල ප්‍රා.සබේ රැස්වීමට සතියක වාරණයක් නිරෝධායන නීති කඩ කරමින් පැවැත්වු මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්විම සතියක කාලයක් කල් තැබීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (10 ) තහනම් නියෝගයක් නිකුත් කළේය. 10 November 2020
බන්ධනාගාර රෝහලේ සිටි ප්‍රභූවරුන් නිලධාරීන්ගේ විවේකාගාරයට වැලිකඩ බන්ධනාගාර රෝහල ‘කොරෝනා’ ආසාදිත රැඳවියන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වෙන් කිරීමත් සමඟ එහි අංක 3 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රභූවරුන් යැයි කියන පිරිසකට පමණක් නිලධාරීන්ගේ විවේකාගාරයේ පහසුකම් සපයා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 10 November 2020
හුදෙකලා කර තිබූ තලාතුඔය නගරය යළි විවෘත කරයි දින තුනක් වසා දමා තිබූ තලාතුඔය නගරය අද (10) දින යලිත් විවෘත කරන ලදී. 10 November 2020
අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 92 කට කොරෝනා පොලොන්නරුව, අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ සාමාජික සාමාජිකාවන් 92 ක් කොරෝනා ආසාදිතයින් බව අද (10) වාර්තාවූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි. 10 November 2020
ගාල්ලේ ධීවරයන්ට පීසීආර් අනිවාර්යයි ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයින් එක් පී.සී.ආර් පරීක්ෂණයකට හෝ අනිවාර්යෙන්ම ලක් විය යුතු බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුවකේ සිංගාරච්චි මහතා පවසයි.ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සෞඛ්‍ය අංශ මඟින් සලසා ඇති බව ද හෙතෙම කියයි. 10 November 2020
කොවිඩ්-19 න් ආරක්ෂාවීමට සියයට 90ක ඵලදායීත්වයෙන් යුත් එන්නතක් කොරෝනා රෝගය සඳහා 90%ක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් දෙකක් සමත් වී ඇතැයි වාර්තා වේ. 09 November 2020
36 වැනි කොරෝනා මරණය කඳානෙන් කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් පෞද්ගලික රෝහලක සිට අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඇය මියගොස් ඇත. 09 November 2020
අද දිනයට කොරෝනා අසාදිතයන් 356 ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (09) පස්වරු 22.00 වනවිට තවත් ආසාදිතයන් 184 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 356 ක් දක්වා ඉහළ ගියේය. 09 November 2020
බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිලධාරීන් 21ට කොරෝනා බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් 21 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (9) ලැබුණු පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. 09 November 2020
සංචරණ සීමා ප්‍රදේශවලින් සේවකයන් ගෙන්වන්න අවසර ගන්න ඕනෑ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා සංචරණ සීමා පනවා ඇති පෙදෙස්වලින් කාර්ය මණ්ඩලය ගෙන්වා ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී අවසර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 09 November 2020
කඳාන - මහබාගෙ හුදෙකළා කරයි කඳාන සහ මහබාගෙ යන පොලිස් වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. 09 November 2020
නව තානාපතිවරු 7 දෙනෙකුට අනුමැතිය විදේශ තානාපති සේවය සදහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය අද (09) හිමිවිය. 09 November 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026